Ticker

6/recent/ticker-posts

Header Ads Widget

චිලී හි ලැව් ගිනි

චිලී රාජ්‍යයේ පැතිර යන ලැව් ගින්නකට නිවාස අසූවක් පමණ බිළි වී ඇති.

ලැව්ගිනි හේතුවෙන් දහස් ගණනක පිරිසක් අවතැන් වී සිටින බවද විදෙස් වාර්තා සඳහන් කළේය.

චිලී රාජ්‍යයේ වැල්පරයිසෝ නගරය ආශ්‍රිතව ප්‍රචණ්ඩ ලැව්ගින්නක් පැතිර යමින් ඇත. මේ වන විටත් නිවාස අසූවක් පමණ ඊට හසු වී ඇති බව විදෙස් වාර්තාවල සඳහන් වේ.

තවත් නිවාස රැසක් ගින්නට හසුවීමේ අවදානමක් මතුව ඇත. මේ හේතුවෙන් බොහෝ පිරිසක් නිවාසවලින් ඉවත් කිරීමට සිදුව ඇතැයි ද සඳහන්ය. ආරක්ෂක පියවරක් ලෙස වැල්පරයිසෝ නගරයේ විදුලි බලය කප්පාදු කර ඇත. මේ හේතුවෙන් අනූදහසක පමණ පිරිසක් අපහසුතාවට පත්ව ඇති බවයි එරට වාර්තාවල සඳහන් වේ. ලැව්ගින්න පාලනය කිරීම සඳහා හදිසි සේවකයන් බොහෝ පිරිසක් යොදවා ඇතැයි

නගර බලධාරීන් පවසයි. එහෙත් නගරයේ පවතින උණුසුම් කාලගුණය හා තද සුළඟ හේතුවෙන් ලැව්ගිනි තත්ත්වය වඩාත් උග්‍රවී ඇති බව ඔවුන් පෙන්වා දෙති. කෙසේ නමුත් ලැව්ගින්නෙන් මෙතෙක් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නැත.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();