පසුගිය දා හඳුන්වාදුන් ඉන්දීය නව පුරවැසි පනතට සහාය පළ කරමින් හා විරෝධය පළ කරමින් විරෝධතා සංවිධාන කිරීමට පාලක භාරතීය ජනතා පක්ෂය හා ඉන්දීය කොන්ග්‍රසය කටයුතු කර තිබුණි.
කෙසේ නමුත් ඒ සම්බන්ධයෙන් රට පුරා ක්‍රියාත්මක කෙරුණු විරෝධතා තවදුරටත් අවසන්ව නොමැත.
ආන්දෝලනාත්මක නව පුරවැසි පනත සම්බන්ධයෙන් තවමත් ඉන්දියාව පුරා විරෝධතා පැවැත් වෙයි.
මේ විරෝධතා සම්බන්ධයෙන් සිය ප්‍රතිචාර දැක්වීමට ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්ෂය සහ ප්‍රධාන විපක්ෂය වන ඉන්දීය කොන්ග්‍රසය සංවිධානය කළ රැලි, රටේ ප්‍රධාන නගර කිහිපයක ක්‍රියාත්මක විය.
ක්‍රෙන්ග්‍රසයේ සංවිධානයෙන් නවදිල්ලි අගනුවර පැවැති රැලිය සඳහා එම පක්ෂයේ සභාපති සෝනියා ගාන්ධි, හිටපු අගමැති මන්මෝහන් සිං ද එක්ව සිටියහ.
අවසන් රැස්වීම ඉන්දීය නිදහස් සටනේ මූලිකත්වය ගත් මහත්මා ගාන්ධිතුමන්ගේ ප්‍රතිමාව අසල දී පැවැත්විණි.
මේ අතර කොල්කටාහි පැවැති භාරතීය ජනතා පක්ෂ රැලියේ මූලිකත්වය ගෙන තිබුණේ පක්ෂයේ එම පළාතේ ප්‍රධානී ජගත් ප්‍රකාශ නන්දායි. නව පුරවැසි පනතට ප්‍රතිචාර ලෙස ඔවුන් මෙම රැලිය පවත්වා ඇත.
පුරවැසි පනතට එරෙහි රට පුරා විරෝධතා පවත්වන බොහෝ පිරිස් එම විරෝධතා සඳහා එක්ව සිටියේ ජාතික ධජ ලෙලවමිනි. ඔවුන් පවසන්නේ තමන් විරෝධතා පවත්වන්නේ අහිතකර පුරවැසි පනතට එරෙහිව මිස ඉන්දීය රජයට එරෙහිව නොවන බවයි.
ඉන්දියාවේ අසල්වැසි ඉස්ලාමීය රාජ්‍ය වන පාකිස්තානය, ඇෆ්ගනිස්තානය හා බංගල්දේශය යන රටවල සිට සරණාගත රැකවරණ පතා ඉන්දියාව වෙත පැමිණ සිටින පිරිස් වෙත ඉන්දීය පුරවැසිබව ප්‍රදානය කිරීම මේ නව සංක්‍රමණික පනත මගින් යෝජනා කෙරුණි. කෙසේ නමුත් එය මුස්ලිම් ජනතාව කොන්කිරීමක් බව පවසමින් ඉන්දියාව පුරා විරෝධතා ආරම්භ වූ අතර මේ වනවිට පැවැති ගැටුම් අතරතුර මියගිය පිරිස 21ක් ලෙසයි වාර්තා වෙයි.
0 Comments