ඉන්දුනීසියාවේ සිදුවූ බස් අනතුරකින් පුද්ගලයන් 25දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
අනතුරින් තවත් 13දෙනෙකුට තුවාල සිදුව ඇති බව සඳහන්ය. ඉන්දුනීසියාවේ දකුණුදිග සුමාත්‍රා පළාතේ මහාමාර්ගයක ධාවනය වෙමින් තිබූ බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී තිබේ.
අනතුරුව එම බස් රථය ප්‍රපාතයේ මීටර් සීයක් පමණ පහළින් පිහිටි ගංගාවකට ඇදවැටී තිබූ බව විදෙස් වාර්තා සඳහන් කළේය.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මගීන් 37දෙනෙක් සිට ඇත. අනතුරින් මගීන් 25 දෙනෙක් මියගොස් ඇති අතර තුවාල ලැබූ සෙසු 13දෙනා ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර ඇති බව සඳහන්ය.
විපතට පත් පිරිස මුදා ගැනීම සඳහා බලධාරීන් සහන සේවකයන් සියයකට වැඩි පිරිසක් යොදවා තිබුණි.
අනතුර සිදුවූ ප්‍රදේශය අවට මාර්ග කිහිපයක් වසා දමා ඇති අතර, රියදුරන්ට අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමටත් බලධාරීන් පියවර ගෙන තිබුණි.
අනතුරට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.
0 Comments