මඩවල උල්පත නගරයේ දී හිටපු ප්‍රවාහන ඇමැති රෝහණ දිසානායක කියයි
සමස්ත රටේ ජනතාව වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා එක්ව රටේ ජනතාව වෙනුවෙන් කරන මේ ඩෙංගු වසංගතය දුරලීමේ ක්‍රියාවලියට ඉතාම ඕනෑකමින් කරන කටයුත්තට අපත් දායකවීම අනිවාර්ය බව හිටපු ප්‍රවාහන ඇමැති රෝහණ දිසානායක මහතා පැවැසීය.
දිසානායක මහතා එලෙස සඳහන් කළේ මේ රටින් ඩෙංගු තුරන් කිරීම සඳහා මාතලේ දිස්‍ත්‍රික්කයේ සියලුම පොලිස්ථාන මුල් කරගෙන ජනතාව දැනුවත් කිරීම උදෙසා මහවෙල පොලිසිය මඟින් මඩවල උල්පත නගරයේ පැවැති ඩෙංගු මර්දන වැඩසටහනට සහභාගි වෙමිනි.
අපේ වගකීම් හා යුතුකම් නිසි ලෙස ඉෂ්ඨ කරනවා නම් අකල් මරණ සිදු නොවේ කියන තැන අපි ඉන්නවා. නමුත් ඩෙංගු රක්තපාතය නිසා මරණ පමණක් නොව අසනීප වෙලා විශාල පිරිසක් මරණයෙන් ගැලවුණත් රෝහල්වල ප්‍රතිකාර ගන්නවා.ඩෙංගු පිළිබඳ කතා කරනවිට තම නිවෙසේ තිබෙන භාජනවල ඩෙංගු නිසා අහළ පහළ ඉන්න අයට බෝවෙනවා.ඩෙංගු මදුරුවාට කිසිම කෙනෙක්ගේ භේදයක් අවශ්‍ය නැහැ. මනුස්සයෙක් වශයෙන් ගොදුරු වෙනවා. වැහිපිහිලි,වතුර භාජන තැන තැන දැමීම තැබිලිකොම්බ යෝගට් කොප්ප ආදි සියලුම දේවල් විනාශ කරන්න පාරිභෝගික රටාවත් එක්ක මේ සියලු දේවලින් මදුරු කීටයන් බෝවෙනවා. ඩෙංගු ඉන්නවා කියලා රතු එළියක් දෙනවාට වඩා උසාවියට නොගිහින් අුපේ වගකීම ක්‍රියාත්මක කරන්න පුළුවන් තම නිවස අවට පිරිසුදු කිරීම ආපදාවෙන් බෙරෙන්න තිබෙන හොඳම ක්‍රමයයි. සමස්ත පණිවිඩය රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් අපි වෙනුවෙන් කළ යුතුයි. මෙලෙස ඩෙංගු ව්‍යාප්තිය වැඩිවෙන තරමට අපේ රට විශාල අවදානමකට ලක් වෙනවා. ආර්ථිකය වැටෙනවා මිනිස් ජීවිතත් සමඟ ආර්ථිකය සම්බන්ධ වෙනවා. සමස්ත ජනතාවම ආර්ථිකයට මුහුණ දුන්නාම රටම අගාදයට යනවා. ආර්ථිකය හින වෙනවා.
අද ගෝඨාභය රාජපක්ෂ මහතාගේ තේමාව බවට පත්වුණේ වැඩකරන රටක් කියලා.වැඩකරන රටක් තුළ අපි හැමෝම වැඩකරන මිනිසුන් බවට පත්වෙන්න අවශ්‍යයි. ඩෙංගු ව්‍යාප්තිය මර්දනය දින තුන්සිය හැට පහේම අපි හැම තප්පරයක්ම මිඩංගු කළ යුතුයි. එලෙස ක්‍රියාත්මක වෙන්න පුළුවන් නම් මැලේරියා වැනි වසංගත රෝගත් තුරන් කරන්න පුළුවන් අපේ රට 1930 වගේ කාලයේ මැලේරියාව නිසා විශාල ජනතාවක් මියගියා. ඒ වගේම වෙනත් රෝග මර්දනය කරගන්න පුළුවන් වුණේ ශ්‍රී ලාංකීය ජාතියට හැම ව්‍යවසනයකින්ම ගොඩ එන්න ක්‍රියා කළ නිසයි. පිරිසුදු කිරීම අපේ එක අංගයක් බවට පත්කරගත යුතුයි.
හිටපු නගරාධිපති වරයෙක් වශයෙන් මහජනයාත් සමඟ එකට එකතුවෙලා වැඩ කළා. නගරය පිරිසුදු කිරීම රාත්‍රි කාලයේ කළේ මගේ කාලසිමාව තුළදීයි. රාත්‍රී නගරය පිරිසුදු කළාම උදේට ලස්සන නගරයක් ලස්සන දසුනක් දකිනවා. එම නිසාම මාතලේ මහනගර සභාව ස්වර්ණ පුරවර සම්මානය දිනාගත්තා. එය වැඩකිරීම කල්පනා කිරීම නිසා ඇතිවෙන තත්ත්වයක්. කැපවීම අධිෂ්ඨානය සහ ජයග්‍රහනය කියන තේමාව අපේ වගකීම විය යුතුයි.
ගෝනගල විහාරාධිපති නාංගමුවේ සමිත හිමි හා මොරගහමඩ විපස්සී හිමියන්ද මාතලේ ප්‍රාදේශීය සභාවේ උප සභාපති ටී ඩි දිසානායක, මන්ත්‍රී පී ජී කරුණාරත්න මහත්වරු සහ පල්ලේපොල ප්‍රාදේශීය සභාවේ සභාපති ජගත් දිසානායක මහතා, මහවෙල පොලිස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලක්මාල් විජේරත්න මහතා, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, ත්‍රිවිල් සංගම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය කාර්ය මණ්ඩලය ඇතුළු මඩවල උල්පත නගරයේ වෙළෙඳ ප්‍රජාව ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වුහ.
උකුවෙල සංචාරක

0 Comments