Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වෙනස්කම් රැසක් සමඟ රයිගම් ටෙලීස් මෙවරත්

Author(s): 
අනුර ප්‍රේමලාල්

ද කිංඩම් ඔෆ් රයිගම් සභාපති රවි ලියනගේ

ශ්‍රී ලාංකේය රූපවාහිනී මාධ්‍යයේ මහාමංගල්‍ය ලෙස හැදින්වෙන “රයිගම් ටෙලීස් ජාතියේ ටෙලිසම්මාන උළෙල 2019“ වෙනස්කම් රැසක් සමඟ අති උත්කර්ෂවත් හා අභිමානවත් අයුරින් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි ද කිංඩම් ඔෆ් රයිගම් සභාපති ආචාර්ය රවි ලියනගේ මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ රයිගම් ටෙලීස් ජාතියේ ටෙලිසම්මාන උළෙල 2019 පිළිබඳ මාධ්‍ය හමුවට එක්වෙමින්ය. මෙය ඉකුත්(17) කොළඹ 07, ශ්‍රී ලංකා පදනම් ආයතනයේදි පැවැත්විණි. එහිදි වැඩිදුරටත් කතා කළ ඒ මහතා මෙසේද කීය........ කිසිදු බලපෑමකට යටත් නොවි මෙම සම්මාන උළෙල දහසය වෙනි වතාවටත් ඉතා සාධාරණ,ඉතා නිවැරැදි තීන්දු තීරණ ලබාදෙමින් නිදහසේ සංවිධානය කෙරෙන රයිගම් ටෙලීස් දැන් ජාතියේ මහා මංගල්‍යක් බවට පත්වෙලා තියෙනවා. මෙවර සම්මාන උළලේ තේමාව වන්නේ ‘නිදහසේ 16‘ ලෙසයි.

මෙරට කලා සම්මාන උළෙලවල්වලින් පළමුවෙන්ම පවත්වන්නේ රයිගම් ටෙලීස් ජාතියේ සම්මාන උළෙලයි. මෙහිදි අපගේ ජූරිය ස්වාධීනව කටයුතු කරමින් සුවිශේෂි කාර්ය භාර්යක් කරන බව රට හමුවේ ඉතාම පැහැදිලිවි තිබෙනවා. ඊට ඉතා යහපත් විචාරක හා ප්‍රේක්ෂක ප්‍රතිචාර රයිගම් ටෙලීස්වෙත ‍ගෞරව ආදරයෙන් ලැබීම අපි ලැබු ජයග්‍රහණයකී. මෙවර සම්මාන උළෙල ලබන වසරේ මාර්තු (21) නෙළුම් පොකුණ රඟහලේ පැවැත්වීමට සියලු කටයුතු යොදා තියෙනවා. ජාත්‍යාන්තර පිළිවෙත් අනුගමනය කරමින් රයිගම් ටෙලීස් හඳුන්වාදුන් නිර්දේශිත නාමාවලිය ඉදිරිපත් කිරීමේ සැඳැව සඳහා මෙවර මොබිටෙල් අනුග්‍රහක දායකත්වය ලබාදීමට ඉදිරිපත්වී සිටිනවා. ඒ අනුව රයිගම් ටෙලීස් සම්මාන උළෙලට පුර්වගාමිව පැවැත්වෙන නිර්දේශිත නාම උත්කර්ෂණ උළෙල ලබන පෙබරවාරි (28)සැන්දෑවේ කිංස්බරි හෝටලයේදි පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මෙවරත් රයිගම් ටෙලීස් ජාතියේ ටෙලි නාට්‍ය සම්මාන උළලේදී ටෙලිනාට්‍ය විශිෂ්ටතා සම්මාන, රූපවාහිනි මාධ්‍ය විශිෂ්ටතා සම්මාන,ජනප්‍රිය සම්මාන,ප්‍රණාම සම්මාන මෙය ප්‍රතිභා ප්‍රභා නමින් කලාකරුවෙකුට ජීවිතයේ එක්වරක් හිමිවන සම්මානයකී. රූපවාහිනි නාලිකා ඇගයීම සිදුවන්නේ ටෙලිනාට්‍ය ආශයේ වැඩිම සංඛ්‍යාවක් දිනාගත් නාලිකාව ‘වසරේ ටෙලිනාට්‍ය නාලිකාව‘ ලෙසද, අනිකුත් වැඩසටහන් සඳහා සම්මාන ගත් නාලිකාව ‘වසරේ රූපවාහිනි මාධ්‍ය වැඩසටහන් නාලිකාව‘ ලෙසද සම්මාන ලබන අතර වැඩිම සම්මාන ප්‍රමාණයක් දිනාගන්නා නාලිකාව ‘වසරේ සම්මානීය නාලිකාව‘ලෙස අභිෂේක ලබනු ඇත. රයිගම් ටෙලීස් සඳහා අයදුම්පත් හා නිර්මාණ භාරගැනීම මේවනවිට ආරම්භ කර ඇත.එය ලබන ජනවාරි (15) දක්වා සිදුකෙරේ. ඒසඳහා0707061976/508/606 අංකය අමතා වැඩිවිස්තර ලබාගත හැකියි. අයදුම්පත් තම නිර්මාණ VOB හෝ Mpegවර්ගයේ සංයුක්ත තැටි (CD)සංක්‍යාත වීඩියෝ තැටි (DVD)මගින් අංක25 බිම්මහල ලකි ප්ලාසා ගොඩනැගිල්ල , කොළඹ 03 යන ලිපිනයට භාරදිය හැකිය.

ජනප්‍රිය සම්මාන සඳහා ලබන පෙබරවාරි (28) සිට මාර්තු (20) දින මධ්‍යම රාත්‍රිය දක්වා SMS කළ හැකියි. ඊට අවශ්‍ය දුරකතන අංක මාධ්‍ය මගින් ඉදිරියේදි දැනුම් දීමට නියමිතයි.මෙහිදි සම්මානවලට අමතරව සැළකිය යුතු මුදල් ත්‍යාග, නිර්දේශිත කලාකරුවන්ටත් වසරක ජීවිත රැකවරණයක් ලබාදීම වැනි කලාකරුවන් වරප්‍රසාද රැසක් හිමිවන සම්මාන උළෙලක් ලෙස මෙය හැඳින්විය හැකියි.

ද කිංඩම් ඔෆ් රයිගම් හී ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ ගණක අමරසිංහ, රයිගම් ටෙලීස් ජාතියේ ටෙලිසම්මාන උළලේ විනිසුරු ුමඩුල්ලේ සභාපති බුද්ධාස ගලප්පත්ති යන මහත්වරුද මාධ්‍ය හමුව ඇමතූහ. මේ අවස්ථාවට ද කිංඩම් ඔෆ් රයිගම් කළමනාකාර අධ්‍යක්ෂ කිෂාන් තියඩෝර් , මොබිටෙල් ප්‍රධාන විධායක නිලධාරි නලින් පෙරේරා, සම්පත් බැංකුව ප්‍රධාන කළමනාකරු පූජිත රාජපක්ෂ යන මහත්වරු හා තවත් අනුගහකයින් එක්ව සිටියහ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();