රාජ්‍ය ඇමැති මහින්ද සමරසිංහ
ප්‍රදේශීය ලේකම්වරයා ඇතුළු නිලධාරින් ගමට ගොස් “කොට්ඨාස රැස්වීම්” පවත්වා අවශ්‍ය සේවා සැපයීමේ ක්‍රමයක් තුළින් ජනතාවට වඩාත් කාර්යක්ෂම සේවයක් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැති මහින්ද සමරසිංහ මහතා පසුගියදා කළුතර ප්‍රාදේශීය ෙල්කම් කාර්යාලයේ පැවැති නිලධාරින් දැනුවත් කිරීමේ රැස්වීමේදී පැවැසීය.
“රට හදන සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ප්‍රකාර ජනාධිපතිවරයා බලාරොත්තු වන වඩාත් ඵලදායි හා කාර්යක්ෂම ජනතා සේවයක් ලබාදීමේ අරමුණින් මෙවැනි වැඩසටහන් දිවයින පුරා ග්‍රාම සේවා කොට්ඨාස මුල්කරගෙන “කොට්ඨාස රැස්වීම් ක්‍රමයක්” මඟින් පැවැත්වීමටත් මේ සඳහා ග්‍රාම සේවා කොට්ඨාස කිහිපයක් එක්කර දිනක හෝ දින කිහිපයක මහජන දින පවත්වා ග්‍රාමීය දුෂ්කර හා සහන ලැබිය යුතු පුද්ගලයන්ට සේවා සැපයීමට අමාත්‍යාංශ මට්ටමින් අදාළ නියෝග ප්‍රාදේශීය ලේකම්වරුන්ට ලබාදෙන බවද ඇමැතිවරයා වැඩිදුරටත් පැවැසීය.
මීට අමතරව දැනට දිවයින පුරා තරුණ තරුණියන් රැල්ලක් ලෙස ක්‍රියාත්මක කරන චිත්‍ර ඇඳීමේ හා ප්‍රදේශ පවිත්‍ර කිරීමේ වැඩසටහන් තවදුරටත් ගමට ව්‍යාප්ත කරමින් ඒ සඳහා දේශපාලන භේදයෙන් තොරව ගමේ මහජනතාව එකතු කරගනිමින් ගම පිරිසුදු කිරීමේ වැඩසටහන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මැදිහත්වීමෙන්, ග්‍රාම සේවා, කෘෂි සේවා, සමෘද්ධි හා සංවර්ධන නිලධාරින්ගේද සහාය ඇතිව සමස්ත දිවයින පුරා පවිත්‍රතා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට තම අමාත්‍යාංශය දැනටමත් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත නියෝග ලබාදී ඇති බවද සඳහන් කළේය.
මේ වැඩසටහන ක්‍රියාත්මක වීමත් සමඟ තම නිවස ආසන්නයේ කානු පද්ධතිය, පාසලේ හෝ ව්‍යාපාරික ස්ථානය අසල පවිත්‍ර කිරීමට ප්‍රාදේශීය සභාව, නගර සභාව හෝ මැදිහත් වන තෙක් බලා නොසිට ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වී අදාළ පිරිසුදු කිරීම කරගැනීමේ නව සංස්කෘතියක් රට තුළ ගොඩනැගීම නව රජයේ අරමුණ බව පැවසීය.

0 Comments