උතුරු මැද පළාතට ඇද හැලෙන අධික වර්ෂාපතන හේතුවෙන් නාච්දූව ජලාශයේ වාන් දොරටු විවෘත කර තිබේ.
මේ වන විට නාච්චාදූව ජලාශයේ වාන් දොරටු 06ම අඩි 05 බැගින් විවෘත කර ඇත. වාන් දොරටු විවෘත කළද ඊට ඉහළින් අඟල් 04ක ප්‍රමාණයකින් තත්පරයට ඝණ අඩි 3490ක් ජලය පිට වේ.
මේ වන විට ජලාශයේ ජල මට්ටම අඩි 25.4කි. මෙහිදී පිටවන ජලය මල්වතු ඔය හරහා මුදා හරින අතර එමගින් අනුරාධපුර පූජා භූමිය හි යම් ජල ගැලීම් තත්වයක් ඇතිව තිබේ.
කෙසේ වෙතත් තත්පරයට ඝණ අඩි 6000ක් දක්වා ජල ප්‍රමාණයක් මල් වතු ඔය අවට ප්‍රදේශවලට හානියක් නොවන ලෙස මුදා හැරිය හැකි බව නාච්චාදූව වරි ඉංජිනේරු ශ්‍යාමනී ඉලංගසිංහ මහත්මිය පැවසීය. ඔවුන්ට අවශ්‍ය පහසුකම් කඩිනමින් සපයා දෙන ලෙස නිළධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. ගංවතුර පහව ගිය පසු ඔවුන්ගේ ජන ජීවිත යථා තත්වයට පත් කිරිමට අවශ්‍ය කටයුතු සිදු කරන බවට පොරොන්දු විය. හානී වී ඇති වගාවන්ට වන්දි ලබා දීමටත්, හානී වූ නිවාස සදහා වන්දි ලබා දීමටත්, කැඩී බිදී ගිය වැව් හා ඇළ වේලී පිලිසකර කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමන්ගේ අවධානයට යොමු කරන බවත් අමාත්‍යයවරයා පැවසීය.

0 Comments