Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ගංවතුරෙන් විපතට පත් ජනතාවට නාවික හමුදාවේ සහය

Author(s): 
රක්ෂණ ශ්‍රියන්ත

වයඹ පළාතේ පුත්තලම දිස්ත්‍රික්කයට පසුගිය දිනවල බලපා තිබූ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අඩාල වූ ජන ජිවිතය යථා තත්ත්වයට පත් කිරීමට නාවික හමුදාව පියවර ගෙන ඇත.

ගංවතුර හේතුවෙන් අපිරිසිදු වී තිබු පානීය ජල ළිං පිරිසිදු කිරීමට සහ නාවික හමුදා ජංගම ප්‍රති ආශ්‍රැත යන්ත්‍ර මඟින් පිරිසිදු ජලය බෙදාහැරීමට කටයුතු කරමින් සිටී.

ඒ අනුව, මේවන විට ගංවතුර හේතුවෙන් අපිරිසිදුව තිබූ ජල ළිං 32 ක් පිරිසිදු කර ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවය සපුරා දීමට මෙන්ම ජංගම ප්‍රති ආශ්‍රැති යන්ත්‍ර මඟින් පානීය ජල ලිටර් 9000 කට අධික ප්‍රමාණයක් ජනතාව වෙත බෙදා හැරීමට කටයුතු කැර ඇත. එමෙන්ම ජනතාවගේ ජන ජිවිතය ගොඩනැංවීම පිණිස නාවික හමුදාව නිරන්තරයෙන් සිය දායකත්වය සැපයීමට කටයුතු කරයි.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();