පාකිස්තාන ආරම්භක පිතිකරු අබීඩ් අලී පළමු ටෙස්ට් තරග දෙකේදී පිට පිට ශතක දෙකක් ලබාගත් ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ නවවැනි පිතිකරු හා එලෙස අඛණ්ඩව ශතක දෙකක් ලබාගත් පළමු පාකිස්තානුවා බවට පත්වෙයි.
එලෙස කැපී පෙනෙන දක්ෂතා අත්කරගත් 32 හැවිරිදි අබීඩ් අලි රාවල්පින්ඩි පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 109ක් හා කරච්චි නුවර දැන් පැවැත්වෙන දෙවැනි තරගයේ තුන්වන දිනයේදී ලකුණු 174ක් ලබා සිය දෙවැනි ශතකය වාර්තා කළේය.
ඔහු මේ වසර මුලදී ඩුබායිහිදී ඕස්ට්‍රේලියාවට එරෙහිව සිය පළමු එක්දින තරගයේදී ලකුණු 112ක් රැස්කර ගත් අතර අනතුරුව පළමු ටෙස්ට් තරගයේදී ශතකයක් ලබා ලෝක වාර්තාවක් ද බිහිකර ඇත.
වසර 1984 දෙසැම්බරයේ එංගලන්තයට එරෙහිව සිය මංගල තරගයට පිවිසීමෙන් පසුව ඉන්දියාවේ මොහොමඩ් අසාරුදීන් එම සංචාරයේ පැවැති ටෙස්ට් තරග තුනේදී පිට පිට ශතක ශතක 3ක් ලබා වාර්තාවක් පිහිටුවා ඇත. අසාරුදීන්ගේ කල්කටා හී මංගල ටෙස්ට් තරගයේදී ලකුණු 110ක් ලබාගත් අතර එම සංචාරයේදී චෙන්නායි ටෙස්ට් තරගයේ ලකුණු 105ක් හා කාන්පුර් තෙවැනි ටෙස්ට් තරගයේදී ලකුණු 122ක් ලබා ගත්තේය. පළමු ටෙස්ට් තරග දෙකේදී අඛණ්ඩව ශතක දෙකක් රැස් කළ ක්‍රීඩකයන් අතර ඕස්ට්‍රේලියාවේ විලියම් පොන්ස්ෆර්ඩ් 1924දී එංගලන්තයට එරෙහිව ලකුණු 110ක් හා 128ක්, ඔස්ට්‍රේලියාවේම ඩග් වෝල්ටර්ස් 1965දී එංගලන්තයට එරෙහිව ලකුණු 155ක් හා 115ක්, බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ඇල්වින් කලිචරන් 1972දී නවසීලන්තයට එරෙහිව ලකුණු 100ක් හා 115ක්, ඔස්ට්‍රේලියාවේ ග්‍රෙග් බ්ලෙවට් 1995දී එංගලන්තයට එරෙහිව ලකුණු 102ක් හා 115ක්, ඉන්දියාවේ සව්රව් ගංගුලි 1996දී එංගලන්තයට එරෙහිව ලකුණු 131ක් හා 136ක්, ඉන්දියාවේම රෝහිත් ෂර්මා 2013දී බටහිර ඉන්දීය කොදෙවි දූපත් පිලට එරෙහිව කොල්කටා හීදී ලකුණු 177ක් හා මුම්බායි හීදී නොදැවී ලකුණු 111ක් හා නවසීලන්තයේ ජිමී නීෂාම් 2014දී ඉන්දියාවට එරෙහිව ලකුණු 137ක් හා ලකුණු 107ක් ලබා සිටිති.

0 Comments