Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ තුන්කොන් ක්‍රිකට් ශූරතාව දිනති

නවෝද් පරණවිතානගේ තුන් ඉරියව් දස්කම් හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව් හිදී පැවැති අවුරුදු 19න් පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමත් විය.

අවසන් තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදෙමින් ලකුණු 265ක් රැස්කළ අතර එම ඉලක්කය හඹාගිය එංගලන්ත කණ්ඩායමට ඕවර 43.1කදී සියල්ලන් දැවී ලබාගත හැකිවුයේ ලකුණු 118ක් පමණි.

ජෝර්ඩන් කොක්ස් පන්දු 102කින් ලකුණු 77ක් රැස්කරමින් හුදෙකලා සටනක නිරතවුවද එංගලන්තය ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි විය. පන්දු යැවීමේදී කවිඳු නදීශාන් කඩුලු 3ක් දවාගත් අතර නවෝද් පරණවිතාන, අශේන් ඩැනියෙල් සහ සුදීර තිලකරත්න කඩුලු 2 බැගින් බිඳ දැමූහ.

පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ඉනිම සාර්ථක ආරම්භයක් ලබාදුන් නවෝද් පරණවිතාන සහ කමිල් මිෂාර පළමු කඩුල්ලට ලකුණු 124ක සබඳතාවක් ගොඩනැගූහ. හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමගින් පන්දු 84කින් ලකුණු 69ක් රැස්කළ මිෂාර දැවී යෑමෙන් එම සබඳතාව නිමාවූ අතර මුළු ලකුණු 203දී ඉනිමේ තෙවැනි කඩුල්ල ලෙස දැවී යනවිට නවෝද් රැස්කර තිබූ ලකුණු සංඛ්‍යාව 108කි. පන්දු 119කදී හතරේ පහර 16කින් ඉනිම වර්ණවත් කරගත් ඔහු තරගයේ වීරයා ලෙසද නම් කෙරිණි. මේ තරගාවලියට සත්කාරකත්වය ලබාදුන් කොදෙව් පිලට මූලික වටයේදී ජයගත හැකිවූයේ තරග 2ක් පමණි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();