Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පාකිස්තානුවන් සමඟ එක්ව දඹුල්ලේ සිදුකරන ලොකු ලූනු ජාවාරම නවත්වන්න නීති එයි

ලියාපදිංචියකින් තොරව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය දෙපස ගබඩා පවත්වාගෙන යන මුවාවෙන් පකිස්තාන ජාතිකයන් සමඟ එක්ව සිදු කරගෙන ගෙන යන අර්තාපල් අල සහ ලොකු ලූනු අලෙවි කිරීමේ මාෆියාවට සිට දැඩි නීති ක්‍රියාත්මක කරන බව දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා සඳහන් කළේය.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමය මගින් දඹුල්ල මහ නගර සභාවට දැනුම් දී ඇත්තේ මධ්‍යස්ථානය දෙපස පෞද්ගලික ගබඩා ඉදිකොට ඒවායේ විවිධ අක්‍රමිකතා සහ මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන බවට සැක පළවී තිබෙන බවත් කිසිදු වෙළඳ බලපත්‍රයකින් තොරව හා නගර සභාවේ ලියාපදිංචියකින් තොරව පාකිස්තානයෙන් සහ තවත් රටවල් කිහිපයක ව්‍යාපාරිකයන් පැමිණ මෙහි ගනුදෙනු කටයුතු සිදු කරන බවත්ය.

ඒ අනුව දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත නියෝජ්‍ය නගරාධිපති සමීර ජයසේකර සහ මන්ත්‍රීවරුන් කීපදෙනකු සහ නාගරික කොමසාරිස්වරයා ඇතුළු නගර සභාවේ නිලධාරීන් මෙම ස්ථාන පරීක්ෂාවට පැමිණියහ.

නගරධිපතිවරයා ඇතුළු කණ්ඩායම පැමිණෙන විට පෞද්ගලික ගබඩා වල අර්තාපල් අල සහ ලොකු ලූනු කන්ටේනර් මගින් ගෙන්වා අලෙවි කිරීම සහ බාන අයුරු දර්ශනය වූ අතර ප්‍රධාන මාර්ග කාණු පද්ධති සියල්ල හරස් කොට විනාශ කර දමා ඇති අයුරු ද නිරීක්ෂණය විය.

එමෙන්ම එම අවට ප්‍රදේශය ද දැඩි අපවිත්‍ර සහිතව පවත්වාගෙන යන ආකාරයද නගර සභා නිලධාරීන්ගේ අධීක්ෂණයට ලක් විය.

මෙහිදී නගරාධිපති ජාලිය ඕපාත මහතා පාකිස්තාන ජාතික ව්‍යාපාරිකයන්ගේ අනුගාමිකයන් සමඟ සාකච්ඡා කිරීමේදී එක ගබඩාවකට හැර අනෙකුත් සියලු ගබඩා වලට කිසිදු නීත්‍යනුකූල ලියවිල්ලක් නොමැති බව අනාවරණය වීම විශේෂත්වයකි.

එමෙන්ම මෙම ස්ථානයේ වෙනම අභ්‍යන්තර ගනුදෙනුවක් ද සිදුවන බව ද ඔවුන් සමඟ සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී හෙළිවිය.

මෙහිදී නගරාධිපති ජාලිය ඕපාත මහතා කියා සිටියේ සදුදා දිනයේ සිට වහාම මෙම ස්ථානයේ පවත්වාගෙන යන අර්තාපල් අල ලොකු ලූනු අලෙවි කිරීමේ මාෆියාවට විරුද්ධව නීතිමය පියවර ගන්නා බවය. ඒ සඳහා නිලධාරීන්ට තමන් උපදෙස් ලබා දුන් බව ද මෙහිදී සඳහන් කළේය .මෙම ස්ථානයේ විවිධ මත්ද්‍රව්‍ය ජාවාරමක් සිදු වන බවට ද සැක සිතිය හැකි යැයි නගරාධිපතිවරයා සඳහන් කිරීම විශේෂත්වයකි .මෙම ස්ථානයේ තනිකරම සිදුවෙන්නේ වෙළඳ මාෆියාවක් බවද නගරාධිපති ජාලිය ඕපාත මහතා සඳහන් කළේය.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති යූ .බී. ඒකනායක මහතා සහ වෙළෙඳ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුද මෙම අවස්ථාවට එක්වෙමින් කියා සිටියේ රජයට බදු මුදල් ගෙවා ප්‍රදේශයේ ගොවි ජනතාව සමග එක්ව ආර්ථික මධ්‍යස්ථානය තුළ කටයුතු කරමින් සිටින ව්‍යාපාරිකයන්ට පවා මෙම කිසිදු බලපත්‍රයකින් තොරව සිදු කෙරෙන වෙළඳාම නිසා විශාල හානියක් සිදු ව පවතින බවය.

මෙහිදී නගරාධිපති ජාලිය ඕපාත මහතා වැඩිදුරටත් කියා සිටියේ පාකිස්තානය ඉන්දියාව ආදී වෙනත් රටවල් ගණනාවක නියෝජිතයන් පැමිණ රටට ලැබිය යුතු ආදායම ඉතා රහසිගතව එම රටවලට රැගෙන යෑමේ ක්‍රමවේදයක් ද මෙහි ක්‍රියාත්මක වන බවය.

සීගිරිය විශේෂ

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();