නෝර්වේ රජුගේ බෑණා වූ අරී බෙන් මහතා සියදිවි හානිකරගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
නෝර්ව හි මාර්තා ලුයිස් කුමරියගේ හිටපු ස්වාමි පුරුෂයා වූ ජනප්‍රිය ගත්කතුවරයෙක් වන අරී බෙන් මෙලෙස මියගොස් ඇත.
ඔහුගේ වෙන්වීම සම්බන්ධයෙන් ශෝකයට පත්වන බව ඒ මහතාගේ අභාවය සම්බන්ධයෙන් ශෝක පණිවිඩයක් නිකුත් කළ රාජකීය පවුල සඳහන් කර තිබේ.
ඩෙන්මාර්කයේ දී උපත ලබා ඇති අරී බෙන් මියයන විට 47වැනි වියේ පසුවු අතර නොර්වේ හි පස්වැනි හැරල්ඩ් රජුගේ දියණිය වූ මාර්තා කුමරිය සමඟින් ඔහු විවාපත් වූයේ 2002 වසරේ දී බවත් වසර දෙකකින් අනතුරුව ඔවුන්ගේ විවාහය දික්කසාදයකින් අවසන් වූ බවත් මෙහිදී මාධ්‍ය වාර්තා පළ කර ඇත.
ගත වූ වසර ගණනාව පුරාවට සිය පවුලේ කොටස්කරුවෙක් වූ බෙන්ගේ මරණය සම්බන්ධයෙන් නොර්වේ රාජකීයයන් ශෝක ප්‍රකාශයක් නිකුත් කර ඇති අතර එම ශෝක ප්‍රකාශවල ඔහු පිළිබඳ වන යහපත් මතකය කිසිදා අමතක නොවන බව සඳහන් වී තිබුණි.
0 Comments