ජන ජීවිතයට දැඩි බලපෑම්
සුළි කුණාටුවක් හේතුවෙන් පිලිපීනයේ ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී තිබේ.
මේ හේතුවෙන් පුද්ගලයන් දහස් ගණනක පිරිසක් පදිංචි ස්ථානවලින් ඉවත් කිරීමට එරට බලධාරීන් පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් දැඩි වර්ෂාපතනයක් හටගෙනඇති අතර පස් කඳු කඩා වැටීම් සහ නාය යෑම් ද හටගෙන ඇති බව සඳහන් ය.
කෙසේවෙතත් සිදුව ඇති ජීවිත හෝ දේපළ හානි සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බවද විදෙස් මාධ්‍ය කියයි.
0 Comments