Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඉන්දියාවේ බෞද්ධ පුදබිම්වල විස්තර පුවරු සිංහල භාෂාවෙන්: සාංචි පුදබිමෙන් ඇරැඹේ

ඉන්දියාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ඉපැරණි බෞද්ධ සිද්ධස්ථානයන්හි නාමපුවරු සහ විස්තර පුවරු සිංහල භාෂාවෙන් ද ප්‍රදර්ශනය කිරීමට ඉන්දීය මධ්‍යම රජයේ සංස්කෘතික හා සංචාරක අමාත්‍යංශය තීරණය කරයි.මෙතෙක් එම පුවරු පැවතියේ හින්දි සහ ඉංග්‍රීසි භාෂාවන්ගෙන් පමණි. ඒඅනුව බුද්ධගයාව, කුෂිනාරා,වරනාසි,ඇතුළු ලාංකික බැතිමතුන් බහුලව පැමිණෙන ප්‍රධාන බෞද්ධ සිද්ධස්ථානයන්හි නාම සහ විස්තර පුවරු සිංහල භාෂාවෙන්ද සවි කරන බව ඉන්දීය මධ්‍යම රජයේ සංස්කෘතික හා

සංචාරක ඇමැති ප්‍රහ්ලාඩ් සිංග් පටෙල් මහතා (Prahalad Singh Patel)පවසයි.ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ මේ වැඩසටහන මධ්‍ය ප්‍රදේශ්හි සාංචි ස්ථූප පුදබිමෙන් පසුගියදා(23) ආරම්භ කරමිනි.

සාංචි චේතියගිරි විහාරයේ වාර්ෂිකව පැවැත්වෙන සැරියුත් - මුගලන් අග්‍රශ්‍රාවක ධාතුන් වහන්සේලා වන්දනා ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවයට සමගාමීව ඇමැති ප්‍රහ්ලාඩ් සිංග් පටෙල් මහතා මේ සිංහල භාෂා විස්තර පුවරු විවෘත කළේය. සාංචි චේතියගිරි විහාරාධිපති හා ජපානයේ ප්‍රධාන සංඝනායක බානගල උපතිස්ස නාහිමියන්ගේ ඇරැයුමෙන් පටෙල් මහතා මේ උත්සවයට සහභාගි විය. මේ පිළිබඳ අදහස් දැක්වූ බානගල උපතිස්ස නාහිමියන් ප්‍රකාශ කළේ මීට මාස කිහිපයකට පෙර සාංචියට පැමිණි පටෙල් ඇමැතිවරයා , සාංචියට පැමිණෙන බහුතරය සිංහල බෞද්ධයන් නිසා , මේ පුවරු සිංහලෙන් සවි කිරීමට උපදෙස් දුන් බවය. මේ අග්‍රශ්‍රාවක ධාතුන් වහන්සේලා වන්දනා ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවයට මධ්‍ය ප්‍රදේශ් අධ්‍යාපන ඇමැති ප්‍රභූහරන් චෞද්රි මහතා ද( PrabhuramChaudhary) එක්විය.

සාංචි පුදබිම යනු සර්වඥ ධාතුන් වහන්සේලා සහ සැරියුත්-මුගලන් අග්‍රශ්‍රාවක ධාතුන් වහන්සේලා එකම ස්ථානයක වැඩවසන ලොව එකම පුදබිමයි.

දුමින්ද ගුරුගේ

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();