Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දිස්ත්‍රික්ක රැසකට මි.මි 150-200 ඉක්මවූ වැසි

දිවයින පුරා වැසි තත්ත්වය අද (22) සහ හෙට(23) දිනයන්හි දී තවදුරටත් වැඩි වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අනුරාධපුර, පොළොන්නරුව, ත්‍රිකුණාමලය සහ වවුනියාව දිස්ත්‍රික්කවලට ඉතා තද වැසි ඇතිවිය හැකිය.
 
උතුරු,නැගෙනහිර, උතුරු- මැද, ඌව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල විශේෂයෙන් ප.ව.2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
 
අනුරාධපුර, පොළොන්නරුව, ත්‍රිකුණාමලය සහ වවුනියාව දිස්ත්‍රික්කවලට ඇතැම් ස්ථාන වලට මි.මී.(150-200) පමණ ඉතා තද වැසිද බස්නාහිර, සබරගමුව සහ ඌව පළාත්වලත් මඩකලපුව, අම්පාර, නුවරඑළිය, මාතලේ, පුත්තලම සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී.(100-150) පමණ තද වැසිඇතිවිය හැකියි.දකුණු පළාතේත් මහනුවර, කුරුණෑගල, මුලතිව් සහ කිළිනොච්චි දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 100පමණ තරමක් තද වැසිද ඇතිවිය හැක.
 
මධ්‍යම සහ වයඹ පළාත්වල සුළගේ වේගයේ විටින් විට පැ.කි.මී.40 දක්වා වැඩි විය හැක. බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වල උදෑසන කාලයේදී ඇතැම් ස්ථානවල මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකියි.
 
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දෙයි.
 
 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();