මාතලේ, මහනුවර,නුවරඑළිය, බදුල්ල, මොණරාගල සහ රත්නපුර දිස්ත්‍රික්කවලට පනවා ඇති නාය යාමේ අවදානම තවදුරටත් දීර්ඝ කර ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කරනු ලැබේ.
මේ අතර ඇතැම් දුම්රිය මාර්ග ජලයෙන් යටවීම හේතුවෙන් අද(22) රාත්‍රී කාලයේ ධාවනය වීමට නියමිතව තිබූ කොටුව සහ මඩකලපුව අතර රාත්‍රී තැපැල් දුම්රිය දෙක සහ කොටුව - ත්‍රිකුණාමලය අතර ධාවනය වීමට නියමිතව තිබු රාත්‍රී තැපැල් දුම්රිය දෙක ඇතුළු දුම්රිය 08ක් අවලංගු කර ඇතැයි දුම්රිය පාලක මැදිරිය සදහන් කළේය.

0 Comments