Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නිශාන්ත සිල්වා රටින් පිටවීමට එරෙහිව CIDයෙන් වාර්තාවක් ඉල්ලයි

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ශානි අබේසේකර සමග පරීක්‍ෂණ මෙහෙය වූ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක නිශාන්ත ද සිල්වා ඊයේ (24) සිය පවුල සමඟ ස්විට්සර්ලන්තය බලා කටුනායක ගුවන්තොටුපොළෙන් පිටත්ව ගොස් ඇත.‍
 
නිසි අවසරයිකින් තොරව රටින් පිටවීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදුකර වාර්තාවක් ලබා දෙන්නැයි පොලිස් මුලස්ථානය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.
 
තවද පොලිස් නිලධාරියෙකු රාජකාරී හෝ පෞද්ගලික කරුණක් මත විදේශගත වන්නේ නම්, අමාත්‍ය ලේකම්තුමාගේ අනුමැතිය අනිවාර්ය වේ. නමුත් මෙම පොලිස් පරීක්ෂක නිලධාරියා මෙලෙස විදේශගතව ඇත්තේ කිසිඳු අනුමැතියකින් තොරවයි.
 
එමෙන්ම මෙම පොලිස් පරීක්ෂක ඒඩ්‍රියන් නිශාන්ත සිල්වා නිලධාරියා අනවසරයෙන් විදේශගතවීම විනය විරෝධී ක්‍රියාවක් බැවින්, එම ක්‍රියාව සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට ද නියමිත බවද වාර්තාවේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();