Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොංගෝ රාජ්‍යයේ ගුවන් අනතුරකින් 27ක් ජීවිතක්ෂයට

කොංගෝ රාජ්‍යයේ ගුවන් යානා අනතුරකින් පුද්ගලයන් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
 
අනතුර සිදුව ඇත්තේ, කොංගෝ රාජ්‍යයේ නැගෙනහිර ප්‍රදේශයේ ගෝමා නගරයේ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. කුඩා මඟී ප‍්‍රවාහන ගුවන් යානයක් මෙලෙස අනතුරට පත්ව ඇතැයි සදහන්වේ.
 
ගුවන්ගත කර සුළු වේලාවකින් යානය කඩාවැටී තිබේ. දේශීය පෞද්ගලික ගුවන් සමාගමක යානයක් මෙලෙස අනතුරට ලක්ව ඇත. අනතුර සිදුවන අවස්ථාවේ යානය තුළ මගීන් 17 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු සිටි බව බලධාරීන් පවසයි. මියගිය පුද්ගලයින් අතර එකම පවුලේ නව දෙනෙක් දවන බව වාර්තාවේ. 
 
අනතුරින් දිවිගලවා ගත් කාර්ය මණ්ඩල සාමාජිකයෙකු ඇතුලු දෙදෙනෙකු රෝහල්ගත කර තිබේ. අනතුරට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණයවී නොමැත.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();