Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අගමැති මහින්ද දළදා සමිඳු වැඳපුදා ආශිර්වාද ලබා ගනී

අගමැති මහින්ද රාජපක්ෂ මහතා පෙරේදා (23) පෙරවරුවේ ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ආශිර්වාද ලබා ගත්තේය. අගමැති ධූරයේ දිවුරුම් දීමෙන් පසු දළදා මැඳුරට පැමිණි අගමැතිවරයා රතු පලස මතින් ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රධාන වාහල්කඩ අභියසට පැමිණි අවස්ථාවේ ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් සම්ප්‍රදානුකූලව ඒ මහතාව පිළිගත්තේය.

ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගැනීමට පැමිණි අගමැතිවරයාට සුබ පැතීම පිණිස දහස් සංඛ්‍යාත ජනතාවක් ශ්‍රී දළදා මාලිගාව අභියසට පැමිණ සිටි අතර අගමැතිවරයා දළදා මාලිගාව තුළට ගමන් ගත්තේ බෙර හා සක් හඬ මධ්‍යයේ උඩරට නර්තන ශිල්පීන් පෙරටු කරගෙනය.

දියවඩන නිලමේවරයා විසින් ශ්‍රී දළදා මාලිගාව තුළට කැඳවා ගෙන ගිය අගමැතිවරයාව මහනුවර සතර මහ දේවාළ බස්නායක නිලමේවරුන් හා පිටිසර දේවාල බස්නායක නිලමේවරුන් විසින් පිළිගනු ලැබුවේ දළදා මාලිගාවේ හේවිසි මණ්ඩපය අභියසදීය.

මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ, සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කෙහෙළිය රඹුක්වැල්ල, ලොහාන් රත්වත්ත, දිළුම් අමුණුගම, ආනන්ද අලුත්ගමගේ මහත්වරුද සහභාගි වූහ.

අසේල කුරුළුවංශ, ඉන්දික පොල්කොටුව,  එස්.කේ සමරනායක හා මධ්‍යම පළාත් සමූහ

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();