Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොව්ඩ් 19 පැරදවීමට ලොවපුරා විද්‍යාඥයින් වෙහෙසෙයි

කොරෝනා වෛරසයට එන්නතක් නිපදවීම සඳහා ලොවපුරා විද්‍යාඥයින් හා සෞඛ්‍ය අංශ පරික්ෂණ රැසක නිරතව සිටියි. 
 
බ්‍රිතාන්‍ය විද්‍යාඥයන් පවසන්නේ, වෛරසයට එරෙහි සාර්ථක එන්නතක් ලබාදීම සඳහා වසරක පමණ කාලයක් ගතවනු ඇති බවය.
 
ලොවපුරා විද්‍යාඥයින් අනතුරු අඟවා තිබෙන්නේ, නව එන්නතක් සොයාගැනීම හෝ සංවර්ධනය කිරීම සඳහා දීර්ඝ කාලයක් ගත වන බවටය. මෙය සංකීර්ණ කටයුත්තක් බැවින්, අතුරු ආබාධ හා සෞඛ්‍ය ගැටලු පැන නොනගින ආකාරයෙන් එන්නත නිපදවීම සිදුකළ යුතුය.
 
බ්‍රිතාන්‍ය තුළ සිදු කෙරෙන සොයා ගැනීම් මගින් නිශ්චිතවම මාස 12ක කාලයත් කුළ වඩා සාර්ථක එන්නතක් ලබාදීමට හැකි බවට එරට විද්‍යාඥයින් විශ්වාස පළ කරයි. රැසියානු විද්‍යාඥයින් ද සයිබීරියාවේ දී රසායනාගාරයක නව කොරෝනා වෛරසයට එරෙහිව එන්නතක් අත්හදා බලමින් සිටියි. කෙසේ වුවද, ඉක්මන් ප්‍රතිකාර කළ හැකි සාර්ථක එන්නතක් මෙතෙක් ඉදිරිපත් කිරීමට නොහැකි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();