Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජනපති මෛත්‍රී යළි දිවයිනට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජපානයේ  සිය නිල සංචාරය නිමා කර ඊයේ (27) දින රාත්‍රියේ යළිත් කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ දිවයිනට පැමිණ තිබේ.
 
ජනාධිපතිතුමා ජපානය බලා පිටත්ව ගියේ එරට අධිරාජ්‍යයා ලෙස අලුතින් පත් වූ නරුහිතෝ අධිරාජ්‍යයාගේ අභිෂේක මංගල්‍යයට සහභාගිවීම සදහාය.
 
ජනාධිපතිතුමා සමග 21 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් ද මෙම සංචාරය සඳහා සහභාගී වී සිටියහ.
 
මෙම පිරිස ඊයේ දින රාත්‍රී 11.35 ට සිංගප්පූරුවේ  සිට පැමිණි සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 468 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති බව සදහන් වේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();