ඇමැති කබීර් හෂීම්
මේ රටේ මූල්‍ය විනය ගැන කතා කරන ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු ඔහු වටා සිටින පිරිස මේ රට කරවූ දින 52ක කාලය තුළදී විදේශ සංචිතය ඩොලර් මිලියන 1000ක් අඩුවූ අතර රුපියලේ අගය සියයට පහකින් අඩුවූ බවත්, ඔවුන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් මේ රටේ ආර්ථිකය කඩා වැටීම සිදුවූ බව ද එක්සත් ජාතික පක්ෂ සභාපති මහා මාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජතෙල් සම්පත් සංවර්ධන ඇමැති කබීර් හෂීම් මහතා පෙන්වා දුන්නේය.
ඒ මහතා එසේ පැවසූවේ පසුගියදා 25 එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය සිරිකොත හි පැවැති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ සභාපති මහා මාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජතෙල් සම්පත් සංවර්ධන ඇමැති කබීර් හෂීම් මහතා...
හෙට දිනය මේ රටේ සියලුම පුරවැසියන්ට ඉතාම වැදගත් දිනයක් හැටියට මතක් කරන්න ඕන. විශේෂයෙන්ම අපේ රටේ කලු පැල්ලමක් ඇති කරපු දිනයක් හැටියටයි අපි සලකන්නේ. හරියට වසරකට කලින් හෙට වෙනකොට 2018 වසරේ ඔක්තෝම්බර් මාසේ 26 වෙනිදා පස්ස දොරෙන් හොරෙන් ප්‍රජාතන්ත්‍රවාදී විරෝධි ලෙස පාර්ලිමේන්තුවේ අගමැතිවරයෙක් පත් කරගන්නවා නීත්‍යානුකූලව පත්කරපු අගමැතිවරයාව අයින් කරලා නීත්‍යානුකූලව පත්කරපු ආණ්ඩුව අයින් කරලා. ඒක සියලු දෙනාටම මතක් වෙනවා ඇති කියලා මම විශ්වාස කරනවා. ඒ වෙලාවේදී මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව දෙදරුණා. රට පිළිබඳව මේ ලෝකයේම තිබුණ කීර්ති නාමය අපේ රට පිළිබඳව හදාගත් කීර්ති නාමය විනාශ කරන්නට ඇතැම් දේශපාලන බලවේග බලලෝභී කණ්ඩායමක් ඉතාම කෙටි විනාඩි ගණනාවකින් විනාශ කරලා දැම්මා.
ඒ තරම් පාවදීමක් ලේසියෙන් අපට සොයාගන්න බැහැ. ඒ පාවාදීමෙන් ඇති වෙච්ච ඇත්ත හානිය මොකක්ද කියන එකත්, ඒ කල්ලියම අද හැසිරෙන හැටි කතා කරන හැටි බලනකොට අපි ඒක මිනිසුන්ව දැනුවත් කරන එක වටිනවා කියලා මම හිතනවා. අපේ රට දීර්ඝ කාලයක්ම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය අනුගමනය කළ දකුණු ආසියාවේ කවුරුත් ගරු කරන හොඳ නමක් හදා ගත් රටක් හැටියට අපි කවුරුත් පිළිගන්නවා. නමුත් ඒ ඔක්තෝම්බර් මාසයේ 26වෙනිදා කුමන්ත්‍රණයෙන් විනාඩි ගණනාවකින් බලලෝභීකමට අගමැති පුටුවේ වාඩි වෙන්න ඕත වුවමනාවට ඒ අය ඇමැතිකම් ගන්න ඕන නිසාම ඒ කරපු ක්‍රියාවේන අපේ රටට ඉතා විශාල පලුද්දක් සිදුවුණා කියන එක ඉතා පැහැදිලියි. ඒ වෙනකොට ඒ කාලපරිච්ඡේදය තුළ අධිකරණයට ගිහින් අධිකරණය විසින් දෙවරක් තීන්දු දුන්නා වගේම පාර්ලිමේන්තුවේ අවස්ථා තුනකදී බහුතරයක් ලබාදෙන නියමිත අගමැතිවරයාට ඒ අවස්ථාව අධිකරණයෙන් හා පාර්ලිමේන්තුවෙන් බලය තියෙද්දී අර පුටුවේ බලෙන් ඉදගෙන ඇමැතිකම් තියා ගත් කණ්ඩායම් තමයි අද පොහොට්ටුවෙන් ජනවරමක් ඉල්ලන්නේ.
ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දයකට ඇවිත් කියනවා ජනවරමක් දෙන්න කියලා. ඇවිත් කතා කරලා කියනවා මේ රටේ නීතිගරුක සමාජයක් ඇති කරන්න. ඒක විශ්වාස කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නය අපි කවුරුත් මතක් කරන්න ඕන. මොකද අද ගෝඨාභය රාජපක්ෂ මහතා මේවෙලාවේදී ඒ කණ්ඩායමත් එක්ක හිටියා. ඒ ක්‍රියාව වචනයකින්වත් ප්‍රතික්ෂේප කරේ නැහැ. අද එතුමාගේ වේදිකාවේ ඉන්නේ එදා එතන මිරිස්කුඩු ගහපු එතන බයිබලය විසි කරපු පාර්ලිමේන්තුව තුළ කතානායකතුමාට පහරදෙන්න කටයුතු කරපු කණ්ඩායමත් එක්ක තමයි එයා නීතිගරුක සමාජයක් හදන්න බලාපොරොත්තු වෙන්නේ.
මේක විහිළුවක් මේක ඇත්තටම පුදුමයක් මේවගේ අය දැන් ඇවිත් කතා කරන එක. මේ වියත් මග හරහා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඇවිත් කියනවා මම මෙහෙම රටක් හදනවා. මම මෙහෙම මූල්‍ය විනයක් ඇතිකරනවා, විනය ගරුක සමාජයක් ඇතිකරනවා කියලා. මූල්‍ය විනයක් ඇති කිරීම සඳහාත් රටේ මූල්‍ය ස්ථාවර භාවයක් ඇතිකිරීම සඳහා පළමුවෙන්ම මේ රටේ මූල්‍ය පද්ධතියම නැතිකරන්න කටයුතු කළේ කවුද කියන එක ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් අපි අහන්න කැමැතියි. ඒ වෙලාවේ එයා එක්ක හිටිය සගයෝ කරපු ක්‍රියාවෙන් මොකක්ද මේ රටට වුනේ. ඒ දින ගණන තුළ ඔක්තෝම්බර් මාසයේ සිට දෙසැම්බර් මාසය වන විට රුපියල් කෝටි 1400ක වටිනා ග්‍රාමීය ව්‍යාපෘති 43621ක් අතරමග නැවතුණා. ඒ දින පනස් දෙක තුළ භාණ්ඩාගාර සුරකුම්පත් භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බැදුම්කර රුපියල් කෝටි 6700ක පාඩුවක්, ඒ කාලපරිච්ඡේදය තුළ රටින් පිට ගියා. ඒ කෙටි කාලය තුළ කෝටි 6700ක් රටින් පිට ගියා කියන්නේ රටට ලොකු පාඩුවක්. ඒකාලය තුළ කොටස් වෙළෙඳ පොළේ දින හතරක් තුළ රුපියල් කෝටි 700ක් රටින් පිට ගියා. ඒ වගේම ජනවාරි මාසේ 2019 වන විට බැඳුම්කර වල පොළිය ණය ගෙවන්න තිබුණ පොළී අනුපාතය ජාත්‍යන්තරයෙන් අපිට ලැබෙන ඒ ණය ගෙවන්න තිබෙන පොළී අනුපාතය සියයට පහයි දශම හයේ සිට සියයට නමයයි දශම නමය දක්වා වැඩි වුණා. ඔය බලපෑම් තමයි අද වුනත් මේ රටට තවම තියෙන්නේ. ඔය ප්‍රශ්නය තමයි අපේ රටේ පුරවැසියන්ටත් අද බලපාන්නේ.
බලෙන් පාර්ලිමේන්තුව උදුරගන්න ගිහින් මුලු ලෝකයේම අපේ රට කෙරෙහි තිබුණු විශ්වාසය සුලු මොහොතකින් නැති වෙලා යනවා. ඒක තමයි යතාර්ථය. මේ වගේ පාවදීම් පිළිබඳව තමන්ට සළුවක් දමාගෙන වසාගන්න බැහැ. තමන්ට දේශප්‍රේමී ටෝක් දීලා වසාගන්නත් බැහැ. මේ රටේ මිනිස්සු එච්චර මෝඩ නැහැ කියලා මම විශ්වාස කරනවා. ජාත්‍යන්තර තක්සේරු කිරීමේ ආයතන ප්‍රධාන තුනක් තිබෙනවා. ඒ තක්සේරු ආයතන තුනෙන් ඒ කාලපරිච්ඡේදය තුළ අපේ ස්වෛරී අගය පහත දැම්මා. පහත දැමීමට කටයුතු කළේ විශේෂයෙන්ම ඒ වෙනකොට මේ රටේ මූල්‍ය අස්ථාවර භාවයක් ඇතිවුනා ඒ ක්‍රියාවෙන්. ඒ නිසා නොවැම්බර් සහ දෙසැම්බර් මාස තුළ ජාත්‍යන්තරයේ අපේ රේටින් එක අඩු වෙච්ච ගමන් ඒකෙ ප්‍රතිවිපාකයක් හැටියට ලෝකයේ ලංකාවට විදේශ ආයෝජන කරන හැම කෙනෙක්ගෙම විශ්වාසය බිද වැටුණා. ඒ විශ්වාසය බිදවැටීම දැන් තවම තියෙනවා. දේශපාලන අස්ථාවරභාවයක් ඇතිවෙයිද මේ වගේ පාර්ලිමේන්තු පෙරලයිද මේ වගේ ක්‍රියාවන් ඇතිවෙයිද කියන ප්‍රශ්නය තවත් අපේ රටට ලොකු බරක්.
ඒ කාලපරිච්ඡේදය තුළම තමයි ජාත්‍යන්තර බැඳුම්කරවල පොළියත් ඉහළ යන්නේ. ජාත්‍යන්තර මුල්‍ය ආයතනත් එක්ක ඔක්තෝම්බර් 26වෙනිදා අපි ගිවිසුමක් අත්සන් කරනවා. ඒ මුදල් ලබාදීමත් මේ සිද්ධියත් එක්ක එහෙමම කල් දානවා. ඒ ගෙවීම නොකරන නිසා ඒ ලෝකයට යන වැරැදි පණිවුඩය නිසා අයෝජකයන්ගේ විශ්වාසය තවත් බිඳවැටෙනවා. අද ඒ බරත් එක්ක තමයි අපිට මේක උස්සන්න වෙලා තිබෙන්නේ. මේක අපේ වරදක්ද එහෙම නැත්නම් ගෝඨාභය රාජපක්ෂ මහත්තයගේ කල්ලියේ වරදක්ද කියලා මම මේ රටේ මිනිස්සුන්ගෙන් අහන්න කැමැතියි. මේ ප්‍රශ්නය ඇතිකරේ අපි නෙමෙයි මේ රටේ ආර්ථිකයට හෙන ගහන්නේ අපි නිසා නෙමෙයි. ඒගොල්ලන්ගේ බල තන්හාව නිසයි. මේක තමයි යතාර්ථය මේක තමයි ඇත්ත තත්ත්වය.
2018 ඔක්තෝම්බර් මසායේ සිද්ධියයි දෙසැම්බර් 16 වන විට ඒ කාල පරිච්ඡේදයේ සිදුවීම් නිසා අපේ විදේශ සංචිතය ඩොලර් මිලියන 7991 ඩොලර් මිලියන 6954කට අඩුවෙනවා. ඩොලර් මිලියන දහසක අඩුවීමක් සිදුවෙනවා මේ පොඩි කාලය තුළ. අපේ ශ්‍රමිකයන් විදේශ විනිමය උපයන්න විදේශයන්ට ගිහිල්ලා මහන්සි වෙලා ඩොලර් කෝටි ගාණක උපයන එක එක පාරටම ඩොලර් මිලියන දහසක් රටින් යනවා මොකද හේතුව ඒ වෙනකොට රුපියලේ අගය අඩුවීම නිසා. ඒ දින 52තුළ රුපියලේ අගය සියයට පහකින් විතර අඩුවෙනවා. ඒකට වගකියන්නේ කවුද. ඒ පාඩුව පියවන්නේ කවුද. ගෝඨාභය රාජපක්ෂලාගේ කණ්ඩායමද. ඒකට උත්තර දෙන්නේ නැහැ අද. නමුත් වේදිකාවේ ගිහින් කතාකරනවා වියත්මග ගැනයි අලුත් වැඩපිළිවෙලක් ගැනයි ඒක පුදුම වැඩක්. ඒ කාලපරිච්ඡේදය තුළ විදේශ සංචාරකයෝ ගේ අඩුවීම ඒ බලපෑම නිසා 2009ටපෙර යුද්ධ කාලයේ වගේම 2018 දෙසැම්බර් මාසයේ සංචාරකයන්ගේ පැමිණීම අඩුවෙනවා යුද්ධය කලින් වගේ. බලන්න ලෝකයට මේ පණිවිඩය බරපතල විදියට යනවාද කියලා. ඒක භයානක දෙයක්.
අද සළුවක් දාගෙන දේශප්‍රේමී කියන මිනිසුන්ට එකක් මතක් කරනවා. තමන්ගේ බල තන්හාව නිසා වේදීකා ගානේ ඔබ එක්ක හිට ගන්න හැම කෙනෙක්ම ඒ දින 52තුළ මේ රටට කරපු පාවාදීම, මේ රටට කරපු පාඩුවට හැම කෙනෙක්ම වගකියන්න ඕන. ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුලු ඒ කණ්ඩායම වගකියන්න ඕන. අපේ රජයට තවම එයාල කරපු පව් ගෙවන්න සිදු වෙලා තිබෙනවා. මේ වසර වන විට ලංකාවේ ඉතිහාසයේ ජාත්‍යන්තර ණය ගෙවන්නේ. අපි මේ වසරට විතරක් ඩොලර් බිලියන 59ක් ගෙවන්න සිදු වෙලා තිබෙනවා. ඒවා රාජපක්ෂ රෙජීමය ගත්තු ණය. ඒ වෙනකොට මෙච්චර ණය අරගෙන තිබුණානම් ඒ අවුරුදු විස්ස තුළ මේ රට ඒ ගත්තු ණයත් එක්ක සුරලෝකයක් කරන්න තිබුණා. ඒ ණය අරගෙන කරපු දෙයකුත් නැහැ.
0 Comments