කුලියාපිටිය නගරයේ බස් නැවතුම්පොලෙහි පිහිටි ප්‍රධාන ගොඩනැගිල්ලේ පිහිටි වෙළෙඳසැල් පෙලක ඊයේ(08) දහවල් හදිසි ගින්නක් ඇති තිබේ.
කුලියාපිටිය පොලිසිය, කුලියාපිටිය නගර සභාවේ සේවකයින් හා ප්‍රදේශවාසී එක්ව ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කර ඇත.
ගින්න හේතුවෙන් ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැත. වෙළෙඳසැල් දෙකකට මේ හේතුවෙන් අලාභ හානි සිදුව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අරත කුලියාපිටිය පොලීය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

0 Comments