කාශ්මීරයේ ප්‍රදේශ කිහිපයකට ඇඳිරි නීතිය පැනවීමට ප්‍රදේශ බලධාරීන් කටයුතු කර ඇත. ඒ් පෙරහැරකට සහභාගී වූ ෂියා මුස්ලිම්වරුන් හා ආරකෂක අංශ අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඇති වූ ගැටුම්වලින් සාමාන්‍ය වැසියන් 12දෙනෙකු පමණ තුවාල ලබා ඇත. ආරකෂක නිලධාරීන් 06දෙනෙකු ද තුවාල ලබා ඇති බව සදහන් වේ. මුහාර්රම් උත්සව සමය හේතුවෙන් වන්දනාකරුවන් පවත්වන සාම්ප්‍රදායික වැලපීමේ පෙරහැර, ආරකෂක අංශය විසින් නැවැත්වීමට උත්සාහ දැරීමේ දී ගැටුම් ඇතිව තිබෙනබව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
භටපිරිස්, ගැටුමට මැදිවූ පිරිස් වෙත කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇති අතර අදාළ පුද්ගලයින් ආරක‍්ෂක අංශ වෙත ගල් ප්‍රහාර එල්ල කර ඇති බව වාර්තා වේ.
ඉන්දියානු පාලනය යටතේ පවතින කාශ්මීරයේ ප්‍රධාන නගරය වන ශ්‍රී නගර් හී ෂියා මුස්ලිම්වරුන් බහුතරයක් වෙසෙන රයිනාවරි සහ බැඩ්ගම් හි ගැටුම් වැඩිවශයෙන් වාර්තා වී තිබේ.

0 Comments