Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජනාධිපති දිගටම මට බාධා කලා - අවසානයේ ඔහු රූපවාහිනිය පවරා ගත්තා - ජනමාධ්‍ය ඇමති රුවන් කියයි

දිගින් දිගටම පාඩු සහිතව ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ කළමනාකාරිත්වය වෙනස් කිරීමට අවස්ථා කිහිපයකදී දරන ලද උත්සාහය අසාර්ථක වූ බව ජනමාධ්‍ය සහ ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජේවර්ධන මහතා පවසයි.

තමන් විසින් කළමනාකරණය වෙනස් කිරීමට දරන ලද උත්සාහයට ජනාධිපතිවරයා බාධාවක් වූ බව ද ඔහු සඳහන් කරයි.

රූපවාහිනි සංස්ථාවේ වැටුප් ගෙවීම සඳහා භාණ්ඩාගාරය විසින් බදු ගෙවන්නන්ගේ මුදලින් මාසිකව රුපියල් මිලියන 40ක් ලබා දෙන බවද ඔහු කියා සිටී.

තම උත්සාහයේ අවසන් ප්‍රතිඵලය වූයේ මෛත්‍රීපාල සිරිසේන මහතා තම විෂය පථය යටතට රූපවාහිනි සංස්ථාව ගැසට් කිරීම බවද ඇමතිවරයා කියයි.

තම ට්විටර් ගිණුමේ පණිවුඩයක් තබන මේ බව සඳහන් කර ඇත.


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();