Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වරාය පිවිසුම් ගුවන් මාර්ගයේ ඉදි කිරීම් අදින් ඇරඹේ

 වරාය නගරය අධිවේගී මාර්ග පද්ධති හා සම්බන්ධ කෙරෙන වරාය පිවිසුම් ගුවන් මාර්ගයේ ඉදිකිරීම් අද(10) ආරම්භ කෙරිණ.
 
ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි. එය මෙරට කුළුණු මත ඉදිවන ප්‍රථම අධිවේගී මාර්ගයයි. කිලෝමීටර 5.6ක දිගින් යුත් නව අධිවේගී මාර්ගය ඉඟුරුකඩේ මංසන්ධිය අසළින් නව කැළණි පාලමට සම්බන්ධවේ.
 
එතැන් සිට කුළුණු මතින් නගරය දක්වා අධිවේගී මාර්ගය ඉදිවෙනු ඇත. ව්‍යාපෘතිය නිම කිරීමෙන් පසු ගාලු මුවදොර සිට පෑලියගොඩ දක්වා මිනිත්තු 4කින් ගමන් කළ හැකිය. ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 300ක මුදලක් ව්‍යාපෘතියට වැය කිරීමට නියමිතය.
 
අමාත්‍ය කබීර් හෂීම් මහතා කියා සිටියේ අධිවේගී මාර්ග ව්‍යාපෘතිවලට සමගාමීව ග්‍රාමීය සහ පළාත් මාර්ග සංවර්ධනය කිරීමේ විශේෂ වැඩපිලිවෙළක් ක්‍රියාත්මක බව ය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();