Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජනාධිපති මෛත්‍රීපාල 20 වැනිදා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට .

පසුගිය පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  විසින් මෙම මස  20 වන  දින  ලබා  දී ඇති  බව  වාර්තා වේ .

නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි  සඳහන් කර  ඇත්තේ  ලබන 20 වන දින අදාළ හමුවීම සඳහා ජනාධිපතිවරයා විසින් කැමැත්ත පළ කර ඇති බවයි.

ලබන 20 වන දින පෙරවරු 10.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකයින් හමුවීමට තමන් සූදානම් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  ලිඛිතව දැනුම් දී ඇත.

ඒ අනුව එදිනට ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකයින් තීරණය කර ඇත.

The post ජනාධිපති මෛත්‍රීපාල 20 වැනිදා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට . appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();