ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරමින් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන සහ එජාප නියෝජ්‍ය නායක ඇමති සජිත් පේ‍්‍රමදාස අතර දේශපාලන එකගතාවයක් ඇතිව ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කර සිටියි. මෙම දෙදෙනා අතර නව සන්ධානයක් පිහිටුවීමට සූදානමක් ඇති බවද එම ආරංචි මාර්ග වැඩි දුරටත් සදහන් කර සිටියි.
මෙම නව සන්ධානයේ නායකයා ලෙස ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන පත් කිරීමටද නියමිතය.
ඉදිරි ජනාධිපතිවරණ අපේක්‍ෂක ලෙස සජිත් පේ‍්‍රමදාසත් අගමැති ලෙස මෛත‍්‍රීපාල සිරිසේනත් නම් කිරීමට යෝජනා වී ඇති බව එම ආරංචි මාර්ග කියා සිටියි .
ශ‍්‍රී ලංකාව නිදහස් පක්‍ෂය එජාපයේ සජිත් පිල ඇතුළු තවත් දේශපාලන පක්‍ෂ කිහිපයක් හා සිවිල් සංවිධාන කිහිපයක එකමුතුවක් ලෙස මෙම නව සන්ධානය බිහි කරනු ඇතැයිද එම ආරංචි වැඩිදුරටත් සදහන් කර සිටියි .
The post මෛත‍්‍රිපාල සිරිසේන ,සජිත් පේ‍්‍රමදාස අතර එකගතාවයක්. appeared first on Lanka News Column.

0 Comments