Ticker

6/recent/ticker-posts

Header Ads Widget

උපන්දිනයට ලැබුනු BMW රථය ගඟට දැමූ පුත්‍රයා

 (ක්‍රිසන්ති විතාරණ)
 
තම උපන් දිනය වෙනුවෙන් ජගුවර් රථයක් වෙනුවට බී. එම්. ඩබ්ලිව් රථයක් ලැබීම පිළිබඳ කෝපයට පත් ඉන්දියානු ජාතිකයකු තෑගි ලැබුණ බී. එම්. ඩබ්ලිව් රථය ගඟට දමා ඇත.
 
 එම රථය උතුරු ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ ගඟක පාවෙමින් තිබෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ දිනවල අන්තර්ජාලයේ හුවමාරු වෙමින් පවතී.
 
ඉඩම් හිමි ව්‍යාපාරිකයකු විසින් තම 22 හැවිරිදි පුත්‍රයා වෙත මෙම උපන් දින තෑග්ග ලබා දී ඇති අතර එම පුත්‍රයා කැමැත්තෙන් සිට ඇත්තේ ජගුවර් රථයකටය. නමුත් එය ලබා දීමට පියා අපොහොසත් වී ඇත. 
එයින් කෝපයට පත් මේ පුත්‍රයා තීරණය කර ඇත්තේ තෑග්ග ගඟට විසි කිරීමට බව මූලික පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();