Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රෝමයේ ඉපැරණි පියගැටපෙළක් වෙනුවෙන් වාරණයක්

(ක්‍රිසන්ති විතාරණ)
 
රෝමයේ පිහිටි ඉපැරණි පියගැටපෙළක් ආරක්ෂා කිරීම සඳහා ඒ මත වාඩි වීම වාරණය කිරීමේ නියෝගයක්  නාගරික බලධාරීන් විසින් නිකුත් කර ඇත. 
 
ඉතාලි සංස්කෘතික දායාද රැක ගැනීමේ අරමුණෙන්  සියවස් ගණනාවක් පැරණි මෙම ස්පාඤ්ඤ පිය‍ගැටපෙළ මෙසේ ආරක්ෂා කිරීමට අවධානය යොමු කළ බව ඔවුහු පවසති. 
 
ක්‍රිස්තු වර්ෂ 1725 සුප්‍රකට පියාසා ඩි ස්පැග්නා චතුරස්‍රයේ කොටසක් ලෙස මෙම ස්පාඤ්ඤ පියගැටපෙළ ඉදි කර තිබේ. 
 
ඒ අනුව ඒ මත වාඩි වී සිටින ඕනෑම අයකු ඉවත් කිරීමට පියගැට පෙළ ආශ්‍රිතව රැඳී සිටින පොලිස් නිලධාරීන්ට හැකිය. එම අණ නොතකා කටයුතු කිරීම යුරෝ 250 සිට 400 දක්වා දඩ නියම වන වරදකි. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();