Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දිනාගත් නිදහස තවදුරට රැකගන්නේද නැද්ද යන්න ජනතාව තීරණය කළ යුතුයි

දිනාගත් නිදහස තවදුරට රැකගන්නේද නැද්ද යන්න ජනතාව තීරණය කළ යුතු බවඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 
 
ග්‍රීන් වැලි රෙසිඩන්සීස් නිවාස යෝජනා ක්‍රමය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
 
රනාල ජල්තර ප්‍රදේශයේ ඉදිකර ඇති මෙම නිවාස යෝජනා ක්‍රමය සියලු යටිතල පහසුකම්වලින් සමන්විතය.
 
අක්කර 8 ක භූමි භාගයක පැතිර ඇති මෙම ව්‍යාපෘතිය සඳහා වැය කෙරෙන මුදල රුපියල් බිලියන එකයි දශම හයකි. පිහිනුම් තටාක, කායවර්ධන මධ්‍යස්ථාන, ඇවිදීමේ මංතීරුවක්, ළමා උද්‍යානයක්, වෙළෙද සංකීර්ණයක් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් මෙන්ම පැය 24 පුරා ක්‍රියාත්මක ආරක්ෂක සේවාවකින්ද මෙම නිවාස යෝජනා ක්‍රමය සමන්විතයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();