Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ලිබියාවේ බෝම්බ ප්‍රහාරයකින් UN සාමාජිකයෝ 03ක් මරුට

(ක්‍රිසන්ති විතාරණ)
 
ලිබියාවේ බෙන්ගාසි ප්‍රදේශයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. 
 
සාප්පු සංකීර්ණයකින් පිටත බෝම්බ ඇටවු ලොරි රථයක් පුපුරුවා හරිමින් මෙම  ප්‍රහාරය එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 
මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ එළඹෙන උත්සව සමයේ ට්‍රිපෝලි නගරයේ සාමය ආරක්ෂා කිරීම සදහා සටන් විරාමයකට එක්සත් ජාතීන්ගේ සංවිධානය යෝජනා කරන ලද කරුණු සම්බන්ධයෙන් සටන්කාමී කණ්ඩායම් එකඟතාව පල කිරීමෙන් පසු වීම විශේෂත්වයකි. 
 
මෙතෙක් එම ප්‍රහාරයේ වගකීම කිසිදු කණ්ඩායමක් විසින් බාර ගෙන නැති බව වාර්තා වේ. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();