අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට නිකුත් කර ඇති නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීම අද (15) රාත්‍රී දක්වා බලපැවැත්වෙන බව අපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.
එම මධ්‍යස්ථානය සඳහන් කළේ අයහපත් කාලගුණය හේතුවෙන් මේවන විට පුද්ගලයින් 11857දෙනෙකු පීඩාවට පත්ව ඇති බවයි.
නිරිතදිග මෝසම තවදුරටත් සක්‍රීයව පැවතීම හේතුවෙන් ප්‍රදේශ රැසකට ඇද හැලුණ වර්ෂාව මේ වන විට පහව යමින් පවතියි.
වර්ෂාවත් සමඟ පිටාර මට්ටමට ආසන්නව පැවති කැලණි, ගිං , කළු සහ නිල්වලා යන ගංගාවල ජල මට්ටම් ද ක්‍රමයෙන් පහත බසිමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසීය.

0 Comments