Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ප්‍රහාරවලින් පීඩාවට පත් සිසුන්ට පොත් ප්‍රකාශකයන්ගේ සහාය

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ නියෝජිත පිරිසක් කොළඔ අගරදගුරු, මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් මුණගැසුණු අතර, අපේ‍්‍රල් 21 පාස්කු ඉරුදින දේවස්ථාන 3 හි සිදු වූ බෝම්බ පිපිරීමෙන් පීඩාවට පත් වූ දරුදැරියන් වෙනුවෙන් රු. 450, 000/- ක මුදලක් උන්වහන්සේ වෙත පරිත්‍යාග කරන ලදී. මීට අමතරව විශ්වවිද්‍යාල අධ්‍යාපනය සම්පූර්ණ කරන තුරු සංගමය මගින් සිසුන් 6 දෙනකූට ශිෂ්‍යත්ව ප්‍රදානය කරන බව ද කාදිනල්තුමාට දැනුම් දෙන ලදී.

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සභාපති විජිත යාපා මහතා ප්‍රකාශ කළේ, ‘සැමගේ සිත්සතන් සුව කිරීම, සන්සුන් කිරීම සහ සාමය උදා කරලීම සඳහා ඔබවහන්සේගේ ශ්‍රේෂ්ඨ නායකත්වය තුළින් ගන්නා ලද ක්‍රියාමාර්ග, පුරවැසියන් වශයෙන් අපට ගැඹුරින් පහදා දී ඇත්තේ විනාශය හා ව්‍යසනය මධ්‍යයේ නිරවුල් මනසක් තබා ගන්නා ආකාරය පිළිබඳවයි. අන් අයව වරදට හසු කර ගැනීම වෙනුවට විසඳුම් සොයා ගත හැකි ආකාරය එයින් පෙන්වා දී ඇත.’

අරමුදල් පරිත්‍යාග කිරීම සම්බන්ධයෙන් සිය ප්‍රණාමය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය වෙත පුද කළ කාදිනල්තුමා කියා සිටියේ බෝම්බ පිපිරීමෙන් පීඩාවට පත් වූ දරුවන් 170ක් පමණ සිටින බවය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();