Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ආසියානු රග්බි ශූරතාවලියට යන ශ්‍රී ලංකා පිල නම් කරයි

Author(s): 
ෆවුස් මොහොමඩ්

මේ මස 31 සහ ජූනි මස 1 වැනිදා චීන තායිපේ නුවර පැවැත්වෙන ආසියානු ශූරතා පළමු කොටසේ රග්බි තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ නම් කරනු ලැබීය. යොවුන් ක්‍රීඩක ඕමල්ක ගුණරත්නගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා පිලට ක්‍රීඩකයන් 26ක් ඇතුළත්ය.

ඕමල්කගේ සහයට උපනායකයන් දෙදෙනකු පත් කර ඇති අතර ජේසන් මෙල්ඩර් සහ කවිඳු පෙරේරා එම තනතුරුවල කටයුතු කරති. ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් සහ යොවුන් ක්‍රීඩකයන්ගේ සංයෝගයෙන් යුතුව නම් කළ ශ්‍රී ලංකා 15 සාමාජික රග්බි පිලට මහනුවර ක්‍රීඩා සමාජයේ රොෂාන් වීරරත්න යළි එක්වී සිටින අතර ආබාධයක් හේතුවෙන් කෙවින් ඩික්සන් ඉවත්වී සිටී. අතිරේක ක්‍රීඩකයන් ලෙස රාහුල් ද සිල්වා සහ සංදේශ් ජයවික්‍රම නම් කර ඇත.

මේ වනවිට කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී සිවුදින පුහුණු සැසියකට සහභාගි වෙමින් සිටින ශ්‍රී ලංකා රග්බි පිල 26 වැනිදා චීන තායිපේ බලා පිටත්වීමට නියමිතය.

ශ්‍රී ලංකාව සමග චීන තායිපේ, සිංගප්පුරුව සහ පිලිපීනය තරග වදින ආසියානු රග්බි ශූරතාවලියේ පළමු තරගය ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර මැයි 31 දා පැවැත්වෙයි.

ශ්‍රී ලංකා 15 සාමාජික රග්බි පිල මෙසේය.

ඕමල්ක ගුණරත්න (නායක), ජේසන් මෙල්ඩර් (උපනායක), කවිඳු පෙරේරා (උපනායක), සජිත් සාරංග, උමේෂ් මධුෂාන්, මිතුන් හපුගොඩ, තීක්ෂණ දසනායක, සචිත් සිල්වා, බුද්ධිම පියරත්න, ප්‍රසාද් මධුසංඛ, ලසිඳු ඉෂාන්, ගිහාන් පෙරේරා, උචිත ජයසූරිය, චාල්ස් ප්‍රවීන්, තිළිණ බණ්ඩාර, ප්‍රභාත් කුමාර, නිවංක ප්‍රසාද්, රොෂාන් වීරරත්න, සැමුවෙල් මධුවන්ත, රීසා රෆායිඩීන්, දිනුක් අමරසිංහ, සුදාරක දික්කුඹුර, තිළිණ විජේසිංහ, කසුන් ද සිල්වා, යාකුබ් අලි, අෂේන් බණ්ඩාර.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();