Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජාතික ක්‍රීඩා උළෙලේ පිරිමි රේසිං පාපැදි ජය මැඩොන්සාට

හතලිස් පස්වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ තරග ඉසව් ආරම්භ කරමින් ඊයේ අනුරාධපුරයේදී පැවැති පාපැදි ඉසව්වේ පිරිමි රේසිං තරගය ජය ගැනීමට අවිශ්ක මැඩොන්සා සමත් විය.

අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගණය අසලින් ආරම්භව එම ස්ථානයෙන්ම නිමාවූ තරගය නිමා කිරීමට මැඩොන්සාට පැය 2යි විනාඩි 38 තත්පර 53ක කාලයක් ගතවිය.

තරගයේ දෙවැනි ස්ථානය මලින්ත සඳරුවන්ට හිමිවූ අතර තෙවැනි ස්ථානය පී.පී.පී.එම්.ජී.සිල්වාට හිමිවිය. කෙසේ වෙතත් කිලෝමීටර් 109.8ක් වූ මේ තරගය නිමා කිරීමට මැඩොන්සා ගතකල කාලයට සමාන කාලයක් පළමු ස්ථාන 5 දිනාගත් ක්‍රීඩකයන්ද වාර්තා කර තිබීම කැපී පෙනුණි.

මේ තරගාවලිය නේපාලයේ පැවැත්වෙන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ පාපැදි සංචිත සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේ තරගාවලියක් ලෙසද පැවැත්වෙයි.

පාපැදි තරග සමගින් අනුරාධපුරයේදී මේ දිනවල පැවැත්වෙන මැරතන් සහ ඇවිදීමේ තරග ද ක්‍රීඩක ක්‍රීඩිකාවන් වැඩි දෙනකුට සහභාගිවීමේ අවස්ථාව සලසා දෙමින් මේ වසරේ දී ජාතික ක්‍රීඩා උළෙලේ ඉතිහාසයේ ප්‍රථම වරට විවෘත තරග ඉසව් ලෙස පැවැත්වීම විශේෂත්වයකි.

අද (24) පෙරවරු 6.00ට කාන්තා ස්ටෑන්ඩඩ් පාපැදි තරගයත්, පෙරවරු. 9.00ට පිරිමි ස්ටෑන්ඩඩ් පාපැදි තරගයත් පැවැත්වේ. මේ තරගද අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගණය අසලින් ආරම්භවී එම ස්ථානයෙන් අවසන් කිරීමට නියමිතය.

පිරිමි රේසිං තරගයේ ප්‍රතිඵල

1.අවිශ්ක මැඩොන්සා, 2.මලින්ත සදරුවන්, 3.පී.පී.පී.එම්.ජී.සිල්වා, 4.ෂෙනාල් චමෝද් ද සිල්වා, 5.තරංග සඳරුවන්, 6.කේ.අයි.පී.විජේවික්‍රම, 7.කසුන් නිමේෂ් ද සිල්වා, 8.සම්පත් වීරසිංහ, 9.රමේෂ් අප්පුහාමි, 10.සුරංග රණවීර

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();