Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් පිලට නායකයන් 2ක්

පාකිස්තාන අවුරුදු 19න් පහළ ක්‍රිකට් පිලේ ශ්‍රී ලංකා සංචාරයේ පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා යොවුන් පිල ඊයේ නම් කරනු ලැබීය. එක්දින තරග 5කින් සමන්විත මේ තරගාවලියට ශ්‍රී ලංකා පිල සඳහා නායකයන් දෙදෙනකු පත්වී සිටිති.

රටේහි උද්ගතවූ වාතාවරණය හේතුවෙන් කල්දමා තිබූ පාකිස්තාන අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ සංචාරය ශ්‍රී ලංකාවේ ආරක්ෂක තත්ත්වය යහපත් බැවින් යළිත් ආරම්භ කළ අතර පාකිස්තාන යොවුන් කණ්ඩායම ඊයේ ශ්‍රී ලංකාවට පැමිණියේය. එක්දින තරග පහකින් සමන්විත මේ තරගාවලියේ සියලුම තරග හම්බන්තොටදී පැවැත්වෙන අතර පළමු තරගය මේ මස 26 වැනිදා පැවැත්වෙයි.

මේ තරගාවලියේ පළමු තරග 3දී නිපුන් ධනංජයගේ නායකත්වයෙන් සහ ඉතිරි තරග 2දී කාමිල් මිෂාරගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා පිල ක්‍රීඩා කරනු ඇත.

පළමු එක්දින තරග 3දී නිපුන් ධනංජයගේ නායකත්වයෙන් සහ කාමිල් මිෂාරගේ උපනායකත්වයෙන් තරග වදින ශ්‍රී ලංකා යොවුන් පිලට නවෝද් පරණවිතාන, මොහොමඩ් ෂාමාස්, සොනාල් දිනූෂ, අවිෂ්ක තරිඳු, චමිඳු විජේසිංහ, දිලුම් එස්.තිලකරත්න, රොහාන් සංජය, අෂේන් ඩැනියෙල්, ඩිල්ෂාන් මධුසංඛ, පවන් රත්නායක, රවිඳු රෂාන්ත, නවීන් ප්‍රනාන්දු, රවීන් ද සිල්වා සහ සඳුන් මෙන්ඩිස් ක්‍රීඩා කරති.

කාමිල් මිෂාරගේ නායකත්වයෙන් සිවුවැනි හා පස්වැනි එක්දින තරග සඳහා එක්වන ශ්‍රී ලංකා යොවුන් පිලේ උපනායකයා ලෙස නිපුන් ධනංජය කටයුතු කරන අතර ඊට අභිෂේක් කහදූවාරච්චි, කවිඳු වික්‍රමසිංහ, අවිෂ්ක තරිඳු, දුනිත් වෙල්ලාලගේ, කවිඳු නදීෂාන්, චමිඳු විජේසිංහ, රොහාන් සංජය, පවන් රත්නායක, රවිඳු රෂාන්ත, නවීන් ප්‍රනාන්දු, රවීන් ද සිල්වා, සඳුන් මෙන්ඩිස් සහ ඩිල්ෂාන් මධුසංඛ ක්‍රීඩා කරති.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();