Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඕස්ට්‍රේලියාවේ අගමැතිට ශ්‍රී ලංකා අගමැතිගෙන් සුබ පැතුම්

ඕස්ට්‍රේලියාවේ නොබෝදා අවසන් වූ මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගනිමින් එරට නව අගමැති ධූරයට පත් ස්කොට් මොරිසන් (H.E. Scott Morrison) මහතාට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (23) සිය සුභපැතුම් එක් කෙළේය.

ස්කොට් මොරිසන් මහතාගේ අසහාය නායකත්වය කෙරෙහි ඕස්ට්‍රේලියානු ජනතාව තබා ඇති විශ්වාසය එම මැතිවරණ ජයග්‍රහණය තුළින් මනාව පිළිඹිබු කරන බව වික්‍රමසිංහ මහතා සිය සුභාශිංසන පණිවුඩයේ දක්වා ඇත.

පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකත්වය දරන ප්‍රජාත්‍රන්තවාදී රාජ්‍යන් දෙකක් වශයෙන් ඕස්ට්‍රේලියාවත් ශ්‍රී ලංකාවත් අතර දශක හතකට අධික කාලයක් පුරා පවත්වාගෙන එන බහු ආංශික ද්විපාර්ශ්වික සබඳතා ස්කොට් මොරිසන් මහතාගේ නායකත්වය ඔස්සේ තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි විශ්වාසය පළකරන බවත් ඕස්ට්‍රේලියානු ආණ්ඩුව සමඟ ඉතා කිට්ටු සහයෝගීතාවක් පවත්වාගෙන යෑමට තමන් අපේක්ෂා කරන බව ද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම පණිවිඩයේ සඳහන් කැර ඇත.

සොලමන් දූපත්හි නව අගමැතිවරයා වශයෙන් තේරී පත්වූ මනස්සේ දමුකානා සොගවර් (H.E. Manasseh Damukana Sogavare) මහතා වෙත ද සිය සුභාශිංසන එක්කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ, එතුමා දිනාගත් ජනවරමින් සොලමන් දූපත් වාසින්ගේ අපේක්ෂා සපුරාලීමට අවශ්‍ය ශක්තියත් ධෛර්යත් ප්‍රාර්ථනා කරන බවයි.

ශ්‍රි ලංකාව සහ සොලමන් දූපත් අතර පවත්වාගෙන යන ද්වීපාර්ශවික සබඳතා දෙරටේ අන්‍යොනය සුභසිද්ධිය වෙනුවෙන් අඛණ්ඩව පවත්වාගෙන යෑමට හැකිවනු ඇතැයි අගමැතිවරයා සිය විශ්වාසය පළ කරන බව ද එම පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් වේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();