Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කුඩා කල්ලියක අපරාධ ක්‍රියා හේතුවෙන් සියලු මුස්ලිම් ජනයාම පීඩනයට ලක්වෙලා

දේව විශ්වාසය පිළිබඳව නිසි අයුරෙන් වටහා නොගත් ඉතා කුඩා කල්ලියක අපරාධ ක්‍රියා නිසා අද ශ්‍රී ලංකාවේ සිටින සියලු මුස්ලිම් ජනයාම පීඩනයට පත්ව ඇත.එම නිසා දැඩි ඉවසීම සහ දරා ගැනීම යනා දී ගුණාංගවලින් අපි මේ තත්ත්වය ජයගන්න එකතු වන ලෙස ඇමැති රවුෆ් හකීම් මහතා කුරුණෑගල ප්‍රදේශයේ ප්‍රහාරයට ලක් වී ඇති මුස්ලිම් ජනතාවට ආරාධනා කළේය.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ මුස්ලිම් ජනතාවට එරෙහි වූ ප්‍රහාරයට ලක් වූ ස්ථානවල නිරීක්ෂණ චාරිකාවකින් පසුව මඩිගේ මිදියාල ජුම්මා මස්ජිදයේ ඉෆ්තාර් උත්සවයට එක්වෙමින් නගර සැලසුම්,ජල සම්පාදන හා උසස් අධ්‍යාපන ඇමැති රවුෆ් හකීම් මහතා මේ ඇරයුම් කළේය.

එහිදී වැඩිදුරටත් හකීම් මහතා මෙසේද කීය. අපි තිගැස්වීමකට ලක් වී සිටින මෙවැනි අවස්ථාවක කිසිවක් කර කියා ගන්නට බැරිව සිටින මොහොතේ එකිනෙකා මාරුවෙන් මාරුවට අපි කියන කරන දේ විකෘති කොට, ඇති වී තිබෙන ගැටලු සහගත තත්ත්වය තවත් විකෘති කිරීමට සමහරු උත්සාහ දරති.දේශපාලන වාසි ලබා ගන්නට ප්‍රයත්න දරති.අපි සියලු දෙනා මේ තත්ත්වයට නීතී අනුකූලව සාමාන්‍ය ආකාරයෙන් මුහුණ දී ඊළඟ පියවරට යා යුතුව තිබෙනවා.

මේ දිස්ත්‍රික්කයේ සිටින ඇමැතිවරු සහ අප පක්ෂයේ නියෝජ්‍ය ඇමැතිවරුන් සමඟ ප්‍රහාරයට ලක් වූ සෑම ප්‍රදේශයකටම ගියෙමු. ජනතාවගේ තත්ත්වය සොයා බැලුවෙමු.මේ ප්‍රදේශයේ ප්‍රමාණවත් තරමට ආරක්ෂාව තර කර ඇති අතර එවැනි අවාසනාවන්ත සිදුවීම් නැවත නොවීමට දාහකට ආසන්න ආරක්ෂක භටයන් යොදවා තිබෙනවා.රජයෙන් ආරක්ෂාව තර කර ඇතත් තමතමන්ගේ ආරක්ෂාව පිළිබඳවද අවධානයෙන් ඉන්නයැයි පැවසීය.

පොලිසිය සහ හමුදාව ආරක්ෂක කටයුතුවල යෙදවීමට අවශ්‍ය වාහන රාජ්‍ය ආයතනවලින් ලබාදීමට දිසාපති සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව එතුමා එකඟත්වය පළ කළ බව ද සඳහන් කළේය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();