Ticker

6/recent/ticker-posts

Header Ads Widget

එජාපෙ ප්‍රබල ඇමැතිවරයෙක් පොදු අපේක්ෂකයා වෙන්න සුදානමක්

එළැබෙන ජනාධිපතිවරණය සඳහා පොදු අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීමට එක්සත් ජාතික පෙරමුණේ ප්‍රබල ඇමැතිවරයෙක් මේ වන විට ප්‍රසිද්ධියේම කටයුතු ආරම්භ කැර තිබේ.

සිංහල බෞද්ධ පසුබිම මුල්කර ගනිමින් සහ තවත් සුවිශේෂ ක්ෂේත්‍රයකින් ලොව දිනා සිටින නාමය ප්‍රයෝජනයට ගනිමින් එළැබෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව අැමැතිවරයා පසුපෙළ මන්ත්‍රීවරුන්ට නිල වශයෙන් දැනුම් දී ඇත.

ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් සිය නුගේගොඩ නිවෙසට කැදවා රාත්‍රී භෝජන සංග්‍රහයක් දීමෙන් පසු කැබිනට් අැමැතිවරයා තමන් ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන බව නිල වශයෙන් දැනුම් දී තිබේ.

දිවයිනේ ප්‍රදේශ කිහිපයකින්ම තරඟකර තේරි පත් වූ තමාට පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට සුදුසුකම් ඇතැයි ද ඇමතිවරයා කියා ඇත.

කුමන තත්ත්වයක් යටතේ වුවුද පොදු අපේක්ෂකයා වශයෙන් තමන්ගේ දේශපාලන ගමන ඇත්තේ එක්සත් ජාතික පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආශිර්වාදය මතයැයි ද කැබිනට් අැමැතිවරයා තරයේ අවධාරණය කරනු ලැබීය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();