වී වේලීම සඳහා වී වියළීමේ යන්ත්‍ර ලබාදීමට අවශ්‍ය කටයුතු මේ වන විට රජය මගින් සකසමින් පවතින බව කෘෂිකර්ම ග්‍රාමීය ආර්ථික කටයුතු පශු සම්පත් සංවර්ධන වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මහතා පැවැසීය.
අනුරාධපුර බටහිර අාසනයේ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් සඳහා මුල්ගල් තබමින් පැවැති ජන හමුවකදී ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, වී ගොවියා එදා සිටම නිෂ්පාදන වියදමට සාපේක්ෂව ආදායමක් නොලැබීම හේතුවෙන් ගොවිතැනින් දුරස්වීම කෘෂිකර්මාන්තයට ගැටලුවක් වෙලා. එය අවම කිරිම උදෙසා ගොවියාව දිරිමත් කිරීම අපගේ වගකීමක් වෙලා තියෙනවා.
අපි වී සඳහා සහතික මිලක් දීලා තියෙනවා සම්බා සඳහා රු.41 නාඩු 38 යි. නමුත් මගේ මතය මීට වඩා වී කිලෝවක් සඳහා ගොවියාට සහතික මිළක් ලබාදීමට. කන්නයෙන් කන්නයට අපි වී මිල ඉහළ දමන්න යෝජනා කළේ ඒ හින්දා.ඒ වගේම වී නිෂ්පාදන ක්‍රියාවලියේදී ගොවියාගේ අස්වැන්න වැඩි මිලට විකිණීමේ ප්‍රධාන සාධකයක් අස්වැන්නේ තෙතමනය.ඒ හේතුවෙන් වැඩි අදායමක් ලබා ගැනීම පිණිස වී වේලිමේ යන්ත්‍ර ඉදිරියේදී අපි ලබා දෙන්න ක්‍රියා කරනවා.
ඒ සඳහා අක්කර පහකට වැඩි කුඹුරු ගොවීන් තෝරාගෙන අවශ්‍ය ධාරිතාව මත ජංගම වී වේලීමේ යන්ත්‍ර කෘෂිකර්ම අමාත්‍යාශය හරහා 50% රජයේ අනුග්‍රහය ඇතුව ලබාදීමට ඉදිරියෙදී කටයුතු කරනවා. ඒ වගේම කුඹුරු යායක ගොවීන්ගේ සංඛ්‍යාව හා නිෂ්පාදන ධාරිතාව මත අවශ්‍යතාවය අනුව නඩත්තු කල හැකි ස්ථීර කමත් ඉදිකිරිම සඳහාද වන යෝජනාව ජීවන වියදම් කමිටුවට ඉදිරිපත් කළා එය ඉදිරියේදී අමාත්‍ය මණ්ඩලයට යොමු කිරීමට මම බලාපොරොත්තු වෙනවා යැයි අමාත්‍ය වරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය

0 Comments