වංචාව, දූෂණය හා නාස්තියෙන් තොරව රටේ ජාතික ආරක්ෂාව සුරක්ෂිත කරගනිමින් රටේ සංවර්ධනය ඉදිරියට ගෙන යා හැකි ලෙස අමාත්‍යංශ විෂය සැකසීමේ යෝජනාවක් කම කණ්ඩායමේ මූලිකත්වයෙන් ඉදිරිපත් කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පැවසීය.
රටේ අනාගත යහපත සඳහා විපක්ෂයේ සිට වුවද කටයුතු කළ හැකි බව මෙමගින් පැහැදිලිව පෙන්වා දිය හැකි යැයි හෙතෙම අවධාරණය කෙළේ ය.
සිවිල් සමාජය, මාධ්‍ය ඇතුලු සාමාන්‍ය ජන ජීවිතයේ කටයුතු හදිසි නීතියට යටත් නොමැති අතර ඒ අයගේ කටයුතුවලට ඉන් බාධාවක් නොමැති බවද හෙතෙම පෙන්වා දුන්නේ ය.
පසුගිය 21දා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු විමසීමට පත්කළ තේරීම් කාරක සභාවට තම කණ්ඩායමේ කිසිවෙකු සහභාගි නොවන බව ද හෙතෙම අවධාරණය කෙළේ ය.
මෙරට බුද්ධි අංශ හා ආරක්ෂක අංශ ත්‍රස්තවාදී ගැටලුව සඳහා කිසිදු විදෙස් උපකාරයකින් තොරව ඉතා සාර්ථකව ක්‍රියාත්මක වූ බවත් එම රටවලින් ආ බුද්ධි අංශ කණ්ඩායම් අයිඑස් අයි එස් හේතුවෙන් ඒ රටවලට වන ගැටලු නවතා ගැනීමේ අවශ්‍යතාවයකින් කටයුතු කරන බවත් පෙන්වා දුන් අතර එම නිලධාරීන්ගෙන් මෙරට ක්‍රියාත්මක ත්‍රස්තවාදීන්ගේ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීම් සිදු කෙරෙන බවද කීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී ඊයේ (23) එක්සත් ජනතා නිදහස් සන්ධාන කණ්ඩායම පැවැත් වූ මාධ්‍ය හමුවේ දී මහින්ද අමරවීර මහතා එම අදහස් පළ කෙළේ ය.
එහිදී අමරවීර මහතා මෙසේ ද කීය.
එස් ත්‍රස්තවාදී ක්‍රියා නිසා බොහෝ රටවලට විශාල හානි වුවත් මෙරට පසුගිය දා වූ තත්ත්වය අපේ ආරක්ෂක අංශ ඉක්මනින්ම ඉතා හොඳන් පාලනය කළා. බලපෑම්වලට යටත් නොවී ක්‍රියාත්මක වන ලෙස ආරක්ෂක අංශවලට ජනාධිපතිවරයා සේනාධිනායක මෙන්ම රටේ නායකයා ලෙස උපදෙස් ලබා දී තිබෙන අතර බලපෑම්වලට යටත් අත්අඩංගුවට ගැනීම් හා පරීක්ෂා කිරීම් සිදු කරන ලෙසත් තරාතිරම නොබල ක්‍රියාත්මක වන ලෙසත්. ඒ සඳහා ආරක්ෂක අංශවලට සම්පූර්ණ බලතල ලබා දී තිබෙනවා. මේ වන විට ත්‍රස්තක්‍රියා සම්බන්ධයෙන් 99%ක් ම අත්අඩංගුවට ගෙන අවසන්. මේ අයට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. සිවිල් ජනතාව හා මාධ්‍ය හදිසි නීතියට යටත් කර නැති අතර නිදහසේ සිය කටයුතු කරන්නට ඒ අයට හැකියාව තිබෙනවා. එමෙන්ම මුස්ලිම් සාමාන්‍ය ජනතාවටද කිසිදු හිරිහැරයක් මෙයින් නොවන ලෙස කටයුතු කිරීමට ජනාධිපතිවරයා ආරක්ෂක අංශවලට උපදෙස් දී තිබෙනවා.
විපක්ෂයේ සිටියත් එජනිස රට වෙනුවෙන් ගන්නා තීන්දු වලට සහය ලබා දීමට කටයුතු කරනවා.
ශ්‍රීලනිපය සැකසු සැම කණ්ඩායමකගේම යෝජනාවලියක් ලෙස සම්මතකර ගැනීමට අප කැමැතියි. එහිදී බුර්කාව සම්බන්ධයෙන් නීති ගෙන ඒමටත්, භාෂා ජාතීන් වෙනුවෙන් වෙන්ව ඇති පාසල් මිශ්‍ර පාසල් බවට පත් කිරීමටත් යෝජනා කර තිබෙනවා.ඒ අනුව යෝජනා 11ක් ඉදිරිපත් කර තිබෙනවා. එහිදී දැනට ඇති විවාහ විය හැකි වයස, අවුරුදු 18ට අඩු අය ළමයි ලෙස නීතියක් තිබියදී එක් ආගමික කණ්ඩායමක් වයස අවුරුදු 12දි විවාහ කරවනවා. එම ළමා විවාහ වැලකීමත් මෙහිදී යෝජනාවලියට ඇතුලත්. එක රටක පැවතිය යුත්තේ එක නීති පද්ධතියක් පමණයි. මේ නිසා උඩරට, තේසවලාමේ නීතිද සමහර විට වෙනස් විය හැකියි. එකම නීතියක් තුළ ඉදිරියට යාමෙන් පමණයි රටේ සාමය ඇතිකර ගෙන අනාගතය සුරක්ෂිතකර ගත හැකි වන්නේ. මේ යෝජනාවලියට සියලු දෙනාගේම එකඟතාවය පළව තිබෙන අතර විපක්ෂයේ සිට වුවද රට වෙනුවෙන් යුතුකම් ඉටුකළ හැකි බව මෙයින් පෙන්වා දී තිබෙනවා.
මේ කටයුතු අවසන් වීමෙන් පසු අමාත්‍යංශ සම්බන්ධයෙන්ද සුදුසු ක්‍රමවේදයක් සැකසීමට අප කටයුතු කරනවා. අමාත්‍යංශ වෙන්කිරීමෙන් වංචාව, දූෂණය හා නාස්තියෙන් තොරව රට ඉදිරියට ගෙන යා හැකි ක්‍රමවේදයක් මේ අනුව සැකසීමට අප කටයුතු කරනවා.
මේ අයුරින්ම රටේ විවිධ ප්‍රදේශ කොටස්වල කටයුතු එක් එක් අමාත්‍යංශ ලෙස වෙන් කිරීම නිසා ගැටලු මතුව තිබෙනවා. උසස් අධ්‍යාපන හා මහා මාර්ග ලෙස වෙන් කිරීම නිවැරදිද යන්න.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා
රටේ ප්‍රධාන මර්මස්ථාන සහිත අමාත්‍යංශ ව්‍යවස්ථාපිත වුනොත් ඒවායේ ප්‍රතිපත්ති බලයට එන ආණ්ඩුවලට වෙනස් කරන්න බැහැ. උදාහරණ ලෙස ජාතික ආරක්ෂාට ඇති දේ වෙනස් කිරීමට නොහැකි වුනානම් පසුගිය දා වූ ත්‍රස්ත ප්‍රහාර වැනි සිද්ධි නොවෙන්නට ඉඩ තිබුණා. ඒ අනුව ප්‍රධාන විෂයයන් සහිත අමාත්‍යංශයල විෂය කටයුතු ජාතික ප්‍රතිපත්තියක් බවට පත් වුනොත් ගැටලු අවම කරගත හැකිවේවි. දේශපාලන අවශ්‍යතාවලින් තොරව රටේ ආරක්ෂාව සුරක්ෂිත විය යුත බවට ජනතාවගේ ද පෙල ගැසීමක් තිබෙන බව පෙනෙනවා. ඒ අනුව අප දායකත්වය ඒ සඳහා ලබා දීමට තීරණය කර තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා
ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී මාසයක් ගතවන විට රටේ ආරක්ෂාව තහවුරු කිරීමට හැකි වුනේ නිසි කළමනාකාරීත්වය හේතුවෙන්. සමහරු ජාතිවාදී අරගලයක් කරා රට ගෙන යාමට උත්සාහ කළත් ශ්‍රී ලනිපය එක්සත් ජනතා නිහස් සන්ධානය ප්‍රමුඛ කණ්ඩායම එය සමතයකට පත් කිරීමේ ක්‍රමවේදයකට රට ගෙන ගියා.රට වෙනුවෙන් අපේ පැත්තෙන් අප සියලු පියවර ගත්තා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උත්සාහය සහරාන්ල පැටව් ගහන එක නැවැත්වීමටයි. 1983 කළු ජූලිය නිසා ඇති වූ තත්ත්වය අවසන් වුනේ දහස් ගණන් මිනිසුන් මියයාමෙන් . නැවත එවැනි තත්ත්යක් ඇති නොවන ලෙස අප කැපවිය යුතුයි. ජය පරාජය කවුරු ගත්තත් සාමකාමී රටක් සඳහා අප සැම දෙනෙක්ම කැපවීමෙන් ක්‍රියා කළ යුතුයි.

0 Comments