Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මවුවරු 4000ක් වඳභාවයට පත් කළ බව කියන ප්‍රවෘත්තියේ සත්‍යතාවක් නෑ

ජාතික පුවත්පතක ඊයේ (23) පළවු තව්හිද් ජමාත් සංවිධානයට අයත් වෛද්‍යවරයකු විසින් සිංහල බෞද්ධ මව්වරු හාරදහසකට අධික පිරිසක් වඳභාවයට පත් කළ බව කියන ප්‍රවෘත්තියේ සත්‍යතාවයක් නැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි නීතිඥ රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ රටේ තත්ත්වය පිළිබඳ පවත්වන මාධ්‍ය හමුවට සහභාගිවෙමින්ය. එය ඊයේ(23) පැවැත්විණි. එක්තරා ජාතික පුවත්පතක පළවු ප්‍රධාන ප්‍රවෘත්තිය පිළබඳවයි. එහි සඳහන් වන්නේ තව්හිද් ජමාත් ත්‍රස්ත සංවිධානයේ දොස්තර සිංහල බෞද්ධ මව්වරු හාරදහසක් සිසේරියන් සැත්කම්වලින් වඳභාවයට ලක් කර ඇති බවයි. එහි තව දුරටත් සඳහන් වෙන්නේ මේ ගැන තොරතුරු සාක්ෂි සහිතව හෙළවි තිබෙන අතර පොලිසිය තවදුරටත් විමර්ශන පැවැත්වෙන බවයි.

මේ ප්‍රවෘත්තියේ තවදුරටත් සඳහන් වන්නේ එම වෛද්‍යවරයා සිසේරියන් ශල්‍යකර්ම හත්දහසකට අධික ප්‍රමාණයක් සිදුකර තිබෙනවා. එහිදි සිංහල මව්වරුන් හාරදහසක් සිසේරියන් සැත්කම සිදුකොට වඳභාවයට පත් කර තිබෙ බවයි. මේ ගැන පැමිණිලි ලැබිලා වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පැවැත්වෙනවා කියලයි.

මෙවැනි වඳභාවයට පත් කිරීම පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ එහි සඳහන් පරදි වෙනත් විශේෂ පොලිස් කණ්ඩායමක් සිදුකරන්නේ නැති බව කිව යුතුයි. මේ කියන ආකාරයේ පැමිණිලි කිසිම පොලිස් ස්ථානයකට ලැබි නැහැ. නමුත් කුරුණෑගල ප්‍රදේශයේ එක්තරා වෛද්‍යවරයකුගේ විශාල වත්කම් උපයාගැනීම සම්බන්ධයෙන් ලැබි තිබෙන තොරතුරු අනුව කුරුණෑගල පොලිසිය පරීක්ෂණයක් පවත්වමින් තිබෙනවා. මේ පරීක්ෂණයේදීවත් මෙතෙක් වඳභාවයට පත් කිරීම සම්බන්ධයෙන් කිසිම පැමිණිල්ලක් ලැබි නැහැ. මේ පුවත පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් ලබාගත් පුවතක් නොවේ. ඒ නිසා මේ පුවත පිළිබඳ වගකීම සම්පූර්ණයෙන්ම එම පුවත්පතත් එය ලියු මාධ්‍ය වේදීයාත් භාරගත යුතු වෙනවා. ඒ අනුව මෙවැනි පරීක්ෂණයක් සිදුනොවන පුවතක් පළ කිරීම සම්බන්ධව අපරාධ පරීක්ෂණයක් සිදුකිරීමට

වැඩබලන පොලිස් පතිවරයා අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරුණු යොමුකර තියෙනවා.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();