Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නාත්තණ්ඩිය කලහයේ පොහොට්ටු මන්ත්‍රී රටින් පැනලා

ගයාන් කුමාර වීරසිංහ

නාත්තණ්ඩියේ දී ඉකුත් 13 දා ඇතිවුණු කලහාකාරී සිදුවීම්වලට සැකපිට අත්අඩංගුවට ගැනීමට සොයන නාත්තණ්ඩිය ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රීවරයෙක් රටින් පලාගොස් ඇතැයි පොලීසිය කියයි.

නාත්තණ්ඩියේ කලහාකාරී සිදුවීම්වලින් දින කිහිපයකට පසු ඔහු රටින් පිටව ගොස් ඇත්තේ ප්‍රාදේශීය සභාවට නිවාඩු ලිපියක් ද ඉදිරිපත් කරමිණි.

උපුල් හේරත් නැමැති එම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා පලාගොස් ඇත්තේ යුරෝපීය රටකට බව විමර්ශනවලින් හෙළි වූ බව කොස්වත්ත පොලීසිය සඳහන් කළේය. ඔහුගේ ඥාතීන් රැසක්ම යුරෝපයේ සිටින බව පොලීසිය පවසයි.

නැවත ඔහු මෙරටට පැමිණෙන විට දී ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගැනීමට අද (28) දිනයේ දී අධිකරණයෙන්  නියෝගයක් ලබා ගන්නා බව පොලීසිය කීය.

නාත්තණ්ඩියේ ඇතිවුණු ගැටුම් අතර තුර කොට්ටාරම්මුල්ලේ දී පුද්ගලයෙක් ඝාතනයවීම සම්බන්ධ ප්‍රධාන සැකකරුවාද, හමුදාවේ ආබාධිත සෙබළෙකු කපාකොටා තුවාල කළ ප්‍රධාන සැකරුවාද ඊයේ (27) අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය. ඉදිරියේ දී තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති බවත් ඔවුන් ගේදොර අතහැර සැඟවී සිටින බවත් පොලීසිය සඳහන් කරයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();