Ticker

6/recent/ticker-posts

Header Ads Widget

භික්ෂූන්වහන්සේට වෛද්‍ය රක්ෂණයක්

ඉන්දික පොල්කොටුව සහ අසේල කුරුළුවංශ

භික්ෂූන්වහන්සේට වෛද්‍ය ප්‍රතිකාර සඳහා භික්ෂු රක්ෂණ ක්‍රමයක් ආරම්භ කිරීමට බුද්ධශාසන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

ජූනි මස අග හෝ ජූලි මුල් සතියේ මෙම රක්ෂණ ක්‍රමය ආරම්භ කෙරන බව බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පැවසීය.

මේ පිළිබදව මල්වතු, අස්ගිරි හා රාමාඤ්ඤ නිකායන්හි මහා නාහිමිවරුන් දැනුවත් කිරීම සඳහා ඊයේ (27) පෙරවරුවේ අමාත්‍යවරයා මහනුවරට පැමිණි අවස්ථාවේ මේ බව කීය.

මෙම ක්‍රමය හරහා රුපියල් ලක්ෂ දහය දක්වා භික්ෂු ප්‍රතිකාර සඳහා රක්ෂණය ලබා දෙන බවද එමගින් අවශ්‍ය ප්‍රතිකාර වෙනුවෙන් රෝහල් ගතවිය හැකි බවද අමාතයවරයා පැවසීය.

එමෙන්ම දෛනික ප්‍රතිකාර කටයුතු සඳහා මෙම රක්ෂණ ක්‍රමයෙන් ගිලන්වන භික්ෂූන්වහන්සේ නමකට දෛනිකව රුපියල් තුන්දහස් පන්සියයක මුදලක් ලබා දෙන බවත්, ඈත ප්‍රදේශයන්හි භික්ෂූන් වහන්සේලාට එම මුදල ආසන්නම තැපැල් කාර්යාලයෙන් ලබාගත හැකි බවත් හෙතෙම පැවසීය.

මෙම රක්ෂණ ක්‍රමය වෙනම පාලක මණ්ඩලයක් හරහා ක්‍රියාත්මක වන බවත්, රක්ෂණ සමාගම් සඳහා මෙමගින් අනවශ්‍ය ලෙස මුදල් බැර නොකෙරන බවත් ඒ මහතා කීය.

පිරිවෙන්හි ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සඳහා මේවන විටත් සුරක්ෂා රක්ෂණ ක්‍රමයෙන් මුදල් ලබා දෙන බවත්, නව රක්ෂණ ක්‍රමයෙන් විශේෂයෙන් දුෂ්කර ඈත ප්‍රදේශයන්හි විහාරස්ථානයනිහි භක්ෂූන් වහන්සේලාට සෙතක් සැලසෙන බවත් ඒ මහතා පැවසීය.

මෙම ක්‍රමය සඳහා පෞද්ගලික අංශයට විශාල දායකකත්වයක් ලබා දිය හැකි බවත්, එමගින් ඔවුන්ගේ බදු සහන පිළබඳ වඩාත් අවධානය යොමු කළ හැකි බවත් ඇමැතිවරයා පෙනවා දුන්නේය.

එමෙන්ම ඈත දුෂ්කර මෙන්ම දිළිදු පවුල්වලින් පැවිදි දිවියට පත්වන සාමනේර හිමිවරුන් සඳහා මාපිය කැපකරු ක්‍රමයක් ක්‍රියාවට නැන්වෙන බවද අමාත්‍යවරයා පැවසීය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();