Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පෞද්ගලික මගී ප්‍රවාහනයේ සහන ඉල්ලීම් ගැන රජයේ අවධානය

මහින්ද අලුත්ගෙදර

පාස්කු ඉරිදා දිනයේ එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු පෞද්ගලික මගී ප්‍රවාහන සේවාවලට සහන ලබාදෙන ලෙස කර ඇති ඉල්ලීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ.

දැනට ධාවනයේ ඇති පෞද්ගලික බස්රථ 20,000කින් සියයට 40ක් පමණ බස්රථ කල්බදු ක්‍රමය යටතේ ධාවනය වන බැවින් කල්බදු ගෙවීම් සඳහා සහන කාල සීමාවක් ලබාදෙන මෙන් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ඇතුළු එහි නියෝජිත පිරිසක් ඊයේ (27) මුදල් අමාත්‍යාංශයේ දී මුදල් ඇමැති මංගල සමරවීර මහතා සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කෙරිණි.

මෙහිදී, පෞද්ගලික බස් ප්‍රවාහනය මුහුණ පා ඇති ප්‍රශ්න හා ගැටලු සාකච්ඡා කළ අතර ලීසිං වාරිකය හා ණය ගෙවා ගැනීම සඳහා ලබාදිය හැකි විසඳුම් පිළිබඳ ද සාකච්ඡා කළ බව මුදල් අමාත්‍යාංශය පවසයි. මේ සම්බන්ධයෙන් ඉදිරියේ දී මුදල් අමාත්‍යාංශය විසඳුම් යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

මෙම සාකච්ඡාවට මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, මුදල් ඇමැතිවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක මනෝ තිත්තවැල්ල, නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් ඒ.එම්.පී.එම්.බී. අතපත්තු මහත්වරුන් සහ අමාත්‍යාංශරෙය් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද සහභාගී වූහ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();