Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අගමැති මෝදිට ජනපති-අගමැති සුබපතයි

ඉන්දීය මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගත් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා ඇත.

විශේෂ සුබ පැතුම් පණිවුඩයක් යොමු කරමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ මෙම ඓතිහාසික ජයග්‍රහණය නරේන්ද්‍ර මෝදි මහතා ගෙන ගිය ප්‍රතිපත්ති පිළිබඳ ඉන්දීය ජනතාව තැබු විශ්වාසය නැවත තහවුරු කිරීමක් බවයි.

එමෙන්ම මෙම ජයග්‍රහණය එතුමා නායකත්වය ලබා දෙන දේශපාලන පක්ෂය සහ එහි පාර්ශ්වකාර දේශපාලන පක්ෂ වෙත ඉන්දියාවේ අනාගතය තීරණය කිරීමට ජනතාව ලබා දුන් තවත් වැදගත් අවස්ථාවක් බව ද ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

ජනාධිපතිවරයා සිය පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ පසුගිය පාලන කාලයේ දී ඉන්දියාව ලබාගත් විශිෂ්ට ජයග්‍රහණ ඔස්සේ වැදගත් සමාජ, ආර්ථික දේශපාලන සහ සංස්කෘතික ප්‍රතිසංස්කරණ රැසක් සිදුව ඇති බවයි.

අසල්වාසී සහෝදර රාජ්‍යයන් ලෙස ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින්නේ නොබිඳෙන සබඳතාවය ඉදිරි පාලන සමය තුළදී ද තවදුරටත් ශක්තිමත් කර ගැනීමට අපේක්ෂාවෙන් සිටින බව ජනාධිපතිවරයා සඳහන් කරයි.

ලෝකයේ බලවත් ආර්ථිකයකට හිමිකම් කියන ඉන්දියාව කලාපීය සමෘද්ධිය උදාකර ගැනීම සම්බන්ධයෙන් වැදගත් කාර්ය භාරයක් ඉටු කරන අතර, එම අරමුණු සාක්ෂාත් කර ගැනීමේදී ද ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ වඩා සමීපව කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා සිය පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.


ඉන්දීය මහ මැතිවරණයෙන් හින්දු ජනතා පක්ෂය ජයග්‍රහණය කිරීම සම්බන්ධයෙන් එහි නායක ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා වෙත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (23) සුබ පැතුම් පිරිනැමීය.

මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ආසන 543කින් 292ක් දිනාගනිමින් ඉදිරියෙන් සිටින අතර, පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී සභාවේ බහුතරය දිනාගැනීමට 272 ක් ඉක්මවූ ආසන ප්‍රමාණයක් අවශ්‍ය බවද වාර්තා වේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();