Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කලහකාරීන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරනවා- යුද්ධ හමුදාපති

කලහකාරීන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බව යුද්ධ හමුදාපති පවසයි.

ඇතැම් ප්‍රදේශයන්හි ප්‍රචණ්ඩකාරී ක්‍රියා වාර්තාවීමත් සමඟ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ප්‍රචණ්ඩත්වය වැළැක්වීම සඳහා සන්නද්ධ හමුදාවන් අවම හෝ උපරිම බලය යෙදවීමට පසුබට නොවන බව අවධාරණය කරයි.

යුද්ධ හමුදාධිපතිවරයාගේ ප්‍රකාශය සම්පුර්ණයෙන් පහතින් දැක්වේ;

“වයඹ පළාතේ ඊයේ සිදුවූ සිදුවීම්වලින් අනතුරුව, හලාවත ප්‍රදේශයේ විශේෂයෙන් කුලියාපිටිය, හෙට්ටිපොල හා ඒ අවට ප්‍රදේශයන්හි සන්ධ්‍යා කාලයේ ඇඳිරි නීතිය පැනවීමට අපට සිදුවිය. දේපල හානි හා විනාශකාරී සිදුවීම්වලට ඇතැම් තරුණයින් සම්බන්ධ වූණා. ඉතින්, මම යුද්ධ හමුදාධිපති වශයෙන් ඉල්ලා සිටින්නේ රජය හෝ සන්නද්ධ හමුදාවන් විසින් දෙන ලද නියෝග කඩ කිරීමට හෝ අගෞරව කිරීමට සැලසුම් කර ඇති ඕනෑම කෙනෙකුට එරෙහිව අපි දැඩි ලෙස ක්‍රියාමාර්ග ගනු ඇත. මම නැවතත් කියනවා හදිසි අවස්ථාවකදී ලබාදී ඇති අවම හෝ උපරිම බලතල භාවිතා කරමින් අත්අඩංගුවට ගැනීම් සහ ගිනිඅවි ප්‍රහාර යෙදවීම වැනි දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි.

රට ප්‍රචණ්ඩකාරී තත්ත්වයකට ආපසු නොයන බව අපි සහතික කරමු. එවැනි සිදුවීම් සම්බන්ධයෙන් හෝ කිසිදු නීතිමය කටයුත්තක් සඳහා මහජනතාව සම්බන්ධ නොවීමට වග බලා ගන්න. තත්ත්වය පාලනය කිරීම සඳහා අවම හෝ උපරීම බලය භාවිතා කිරීමට සන්නද්ධ හමුදාවන් පසුබට නොවන බවද අවධාරණය කරමි. දිවයිනේ ඕනෑම ප්‍රදේශයක ප්‍රචණ්ඩ ක්‍රියා ඇති නොවීමට වගබලා ගැනීම සඳහා සන්නද්ධ හමුදාවන් වෙත බලතල ලබාදී ඇත. නීතිය සහ සාමය පවත්වා ගෙන යාම සඳහා යුද්ධ හමුදාව, නාවික හමුදාව හා ගුවන් හමුදාව යොදවා ඇත. මෙම තරුණයින්ගෙන් ඉල්ලා සිටින්නේ එම කටයුතුවලට සම්බන්ධ නොවී, අවම හෝ උපරීම බලතල යෙදවීමට සූදානම් වන සන්නද්ධ හමුදාවන් සමඟ බැඳී සිටින ලෙසයි”.

The post කලහකාරීන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරනවා- යුද්ධ හමුදාපති appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();