ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ ආර්යා ජයන්ති සිරිසේන මහත්මියගේ පුත් දහම් සිරිසේන එළඹෙන මැයි මස 09 වැනිදා විවාහ වීමට නියමිත බව වාර්තා වෙයි.
අතුල වීරරත්න මහතාගේ සහ එම මහත්මියගේ දියණිය වන නිපුනි වීරරත්න සමඟ දහම් සිරිසේන යුගදිවියට පිවිසීමට නියමිතයි.
මෙම විවාහයට අදාළ ආරාධනා පත්‍රයක්ද මේ වන විට හුවමාරුවෙමින් තිබේ.
කොළඹ ශැංග්‍රිලා හෝටලයේදී මෙම විවාහ උත්සවය පැවැත්වෙන අතර පෝරුවේ චාරිත්‍ර පෙරවරු 09.53ට යෙදෙන සුභ මොහොතින් සිදුකෙරෙන බවයි ආරාධිතයින් වෙත දන්වා ඇත්තේ.
0 Comments