ජිනීවා මානව හිමිකම් කොමිසමේදී රටට එරෙහිව සම්මත වූ යෝජනාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපති කොමිසමක් පත්කරන ලෙසට පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස් බී දිසානායක මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලිමක් කරයි.
ජිනීවා තානාපතිවරයා දිවයිනට කැඳවා ඔහු සහ මනෝ තිත්තවැල්ල මහතා සම්බන්ධයෙන් වහාම පියවර ගත යුතුව ඇතැයිද දිසානායක මහතා සඳහන් කළේය.
පුංචි බොරැල්ලේ පිහිටි පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිලංග සුමතිපාල මහතාගේ නිවසේ පැවැති මාධ්‍ය හමුවකට අද (28) එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව පැවසීය.
ජිනීවා මානව හිමිකම් කොමිසමේදී රටට එරෙහිව සම්මත වූ යෝජනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විශේෂ විවාදයක් ගැනීමට කටයුතු කරන බවද දිසානායක මහතා එහිදී වැඩිදුරටත් පැවැසීය.
0 Comments